නීති විරෝධී පොර කුකුළු සටනක් අතරතුරදී පොර කුකුලෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 45 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය වීමේ සිද්ධියක් ඉන්දියාවේ, තෙලඟානා ප්‍රාන්තයෙන් වාර්තා වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සටන අතරතුර කුකුළා එම ස්ථානයෙන් පැන යාමට තැත් කිරීමේදී ඌ අල්ලා ගැනීමට ගත් උත්සාහයකදී කුකුළාගේ පාදයේ ගැට ගසා තිබූ පිහිය එම කුකුළාගේ හිමිකරුගේ ශරීරයේ වැදී ඇති බවත් සිද්ධිය වූ විගස එම පුද්ගලයා රෝහලට රැගෙන යාමට උත්සාහ කළ නමුත් ඒ අතරතුරදී පුද්ගලයා මිය ගොස් තිබෙන බවත් එරට මාධ්‍ය සඳහන් කරයි.
ඉන් අනතුරුව අදාළ කුකුළා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් රැකවරණය යටතේ තබා, සාක්ෂියක් ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මෙම පොර කුකුළු සටන සඳහා පුද්ගලයින් 15 දෙනෙකු පමණ සහභාගී වී ඇති අතර; අදාළ පොර කුකුළු සටනට සහභාගී වූවන්ගේ හා සංවිධානය කළ පිරිසගේ නොසැලකිලිමත් බව නිසා මෙම මරණය සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...