ප‍්‍රධාන පුවත්

ඇමරිකානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 230 වගන්තියෙන් එරට “මාධ්‍ය තාක්ෂණ දැවැන්තයින්ට” දී ඇති ආවරණය ඉවත් කළ යුතු බව එරට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි 20 දිනට පසු අද (මාර්තු 1 දින – ඇමරිකාවේ පෙබරවාරි 28 දින රාත්‍රී) සිය ප්‍රථම ප්‍රසිද්ධ දේශනය පවත්වමින් පවසා සිටියේය.

මාධ්‍ය තාක්ෂණ දැවැන්තයින්ගේ ඒකාධිකාරය බිඳහෙළා සාධාරණ තරඟකාරී මාධ්‍ය භාවිතාවක් ස්ථාපිත කිරීමට කාළය පැමිණ ඇති බව පවසන ඔහු අතීතයේදී ජනතාවට තිබූ එම සාධාරණ අයිතිය සහ නිදහස මාධ්‍ය දැවැන්තයින් විසින් වාරණය කර ඇති බවත් එය පසුගිය ජනාධිපතිවරණයේදී තමාගේ මැතිවරණ ව්‍යාපාරයට තදින් බළපෑ බවත් වැඩිදුරටත් පවසයි.

මෙම දැවැන්තයින්ට නීතිමය සීමාවන් පැනවීමට ටෙක්ස්සාස් සහ ෆ්ලොරිඩා ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් දැනටමත් පියවර ගෙන තිබීම අගය කළ ඔහු අනෙක් ආණ්ඩුකාරවරුන් ද ඒ පිළිබඳ ඉදිරි පියවර ගතයුතු බව අවධාරණය කළේය.

එමෙන්ම “බයිඩ්න් පාළනය” නරක බව අපි දැන සිටි නමුත් මෙතරම් නරක් වේයැයි කිසිවකු නොසිතූ බවත් තව කොතරම් කළක් මෙලෙස ඔවුනට පාළනය ගෙන යා හැකිදැයි කිව නොහැකි බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

බයිඩ්න් තම ධූරයේ වැඩ ආරම්භ කළ මොහොතේම අත්සන් කළ විධායක නියෝග 19 ද සමගින් මේ වනවිට විධායක තීන්දු 57ක් ගෙන ඇති අතර ඒ සියල්ලක්ම ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තීන්ට ප්‍රතිවිරුද්ධවය.

ට්‍රම්ප්ගේ ඇමරිකාව පෙරට න්‍යායට ප්‍රතිවිරුද්ධ ලෙස ගෝලීය න්‍යාය පත්‍රයකට හැරෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය නැවත ලබාගැනීම, ට්‍රම්ප්ගේ දැඩි දේශ සීමා ප්‍රතිපත්ති ලිහිල් කිරීම මෙන්ම පැරිස් සමුළුවට නැවත එක්වීම ඒ අතර වේ.

ඒ අතර ජනවාරි 25 දින අත්සන් කරන ලද ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තීන්ට සමගාමීව යමින්, රාජ්‍යය ප්‍රසම්පාදනයේදී “ගන්න ඇමරිකන් නිෂ්පාදන” නියෝගය ද වේ.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් වලින්

https://www.rt.com/usa/516833-trump-censorship-big-tech/

ttps://www.theepochtimes.com/trump-hints-at-2024-run-blasts-biden-calls-for-unified-gop_3714930.html



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More