සිංගප්පූරු වැසියකුට හෝ එහි ලියාපදිංචි ඕනෑම ජාතිකයකුට ඕනෑම මොහොතක මෙරටට පැමිණ කිසිදු බාධාවකින් හෝ බදු පැනවීමකින් තොරව තමා කැමැති ඕනෑම ව්‍යාපාර කටයුත්තක යෙදීමට පූර්ණ ඉඩකඩ සැලසෙන පරිදි රජය විසින් ඉකුත් ජනවාරියේ අස්සන් කොට ඇති ‘සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම’ දේශද්‍රෝහී මෙන්ම රටටත් මේ රටේ සමස්ත ජනතාවටත් හානිකර විනාශකාරී ගිවිසුමක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශේර්ෂ්ඨාධිකරණයට ගොනුකරමින් කියා සිටී. රටේ ජනාධිපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේනත්, අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහත්, සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී හ්ෂේන් ලුං (ඹ්ඥඥ ඩ්ඵඪඥද ඹ්ධධදඨ) යන තිදෙනා ඉදිරිපිටදීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉහත දේශද්‍රෝහී ගිවිසුම අස්සන් කොට ඇති බවද ශ්‍රී ලංකාව වෙනුවෙන් සංවර්ධන උපාය මාර්ගික ඇමැති මලික් සමරවීර අස්සන් කොට ඇති අතර සිංගප්පූරුව වෙනුවෙන් එරට වෙළෙඳ හා කර්මාන්ත ඇමැති එස්. ඊස්වරන් අස්සන් කොට ඇති බවත් පෙත්සමෙන් ප්‍රකාශ කොට ඇත.
සිංගප්පූරු පාර්ශ්වයට ඕනෑම මොහොතක මෙරට තුළට ඇතුළු වී කිසිදු බාධාවකින් හෝ බදු පැනවීමකින් තොරව (ඊචය ජ්පඥඥ) තමන් කැමැති ඕනෑම ව්‍යාපාර කටයුත්තක යෙදීමට අවසරය දී ඇතත් මෙරට වැසියකුට එම රට තුළට එලෙස ඇතුළු වී එකී වරප්‍රසාද ලැබීමට නොහැකි වන පරිදි කොන්දේසි පනවා ඇති බවත් පෙත්සමෙන් ප්‍රකාශ කරයි.
එබැවින් මෙය සහමුලින්ම සිංගප්පූරු පාර්ශ්වයට තනිකරම වාසි සැලසෙන පරිදි කර ඇති බරපතළ පාවාදීමක් බවද පවසන පෙත්සම්කරුවෝ මෙමඟින් මේ රට මේ වනවිටත් වැටී සිටින ආර්ථික අගාධයෙන් තව තවත් ගොඩගත නොහැකි ආකාරයේ එහා ප්‍රපාතයකට ඇදදැමීමට කටයුතු කිරීමක් සිදු වී ඇති බවත් පවසති.
මෙවැනි දේශද්‍රෝහී ගිවිසුමක් රාජ්‍ය නායකයන් ඉදිරිපිටදීම අස්සන් තැබීම ඉමහත් ඛේදවාචකයක් බවද එය රටේත් ජාතියේත් අභාග්‍යයක් බවද පෙත්සමෙන් වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.
පෙත්සමෙන් තවදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ මෙකී භයානක ගිවිසුම අනුව සිංගප්පූරු වැසියකුට පමණක් නොව වෙනත් ඕනෑම රටක වැසියකුට වුවද සිංගප්පූරුවේ ලියාපදිංචිය ලබාගෙන ඒ හරහා මෙරට තුළට නිදහසේ පැමිණ තීරුබදු රහිතව කිසිදු බාධාවකින් තොරව තමා කැමැති ව්‍යාපාරයක හෝ රැකියාවක වුවද යෙදීමට හැකි බවත් ඒ අනුව රට තුළ මහත් විරෝධයක් ගොඩනැඟුණු එට්කා ගිවිසුමෙන් ඉන්දියාව ඉටු කරගන්නට තැත් කළ විනාශකාරී අරමුණු මෙම ගිවිසුම යටතේ සිංගප්පූරුව හරහා ඉටු කර ගැනීමට වක්‍ර මාර්ගයක් පෑදී ඇති බවද වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.
මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් ඉහත සඳහන් ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම’ට එරෙහිව ඉදිරිපත් කරනු ලබන කරුණු ශේර්ෂ්ඨාධිකරණය හමුවේ විභාග කොට සිය පරමාධිකාරි අධිකරණ බලය භාවිත කරමින් එය අත්හිටුවීමට ක්‍රියාකරන ලෙසත් මුල් අවස්ථාවේදීම පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසරය ප්‍රදානය කරමින් එමඟින් ඉල්ලා සිටිනු ලබන අතුරු සහන ඉල්ලීම් පරිදි පෙත්සම් විභාගය නිම කොට තීන්දුව ප්‍රකාශයට පත්කරන තෙක් ඉහත කී ගිවිසුම ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...