ස්විස්ලන්තයේ ජනමත විචාරණයකින් පසුව මුස්ලිම් කාන්තාවන් විසින් පැළඳ සිටින බුර්කා හෝ නිකාබ් ඇතුළු ප්‍රසිද්ධියේ මුහුණු ආවරණ තහනම් කිරීමට බහුතරයකගේ කැමැත්ත හිමිව තිබේ.
දක්ෂිණාංශික ස්විට්සර්ලන්ත මහජන පක්ෂය (SVP) විසින් ඊයේ (07) දින පැවැති ජනමත විචාරණයේ ප්‍රතිඵල ඉදිරිපත් කරමින් පවසා තිබුණේ අන්තවාදය වහාම නැවැත්විය යුතු බවයි.
කාන්තාවන් අඳින පළඳින දේ නියම කිරීම රජයකට නොහැකි බවට ප්‍රකාශ කරමින් ස්විට්සර්ලන්ත රජය මෙම තහනමට එරෙහිව තර්ක ඉදිරිපත් කර තිබූ අතර
ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛ පෙළේ ඉස්ලාමීය කණ්ඩායමක් පැවසුවේ එය මුස්ලිම්වරුන්ට අඳුරු දිනයක් බවයි.
මිලියන 8.6 ක ජනගහනයක් සිටින ස්විට්සර්ලන්තයේ ජනගහනයෙන් 5% ක් පමණ මුස්ලිම් ජාතිකයින් වන අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් තුර්කිය, බොස්නියාව සහ කොසෝවෝ යන රටවලින් පැමිණි අය වෙති.
මේ අතර ජර්මනියේ ඹඩෙන් Wඋඑර්ට්ටෙම්බෙර්ග් ප්‍රාන්ත රජය එම ප්‍රාන්තයේ පාසල් සිසුවියන්ට බුර්කාව පැළඳීම තහනම් කර තිබේ.
තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/news/517466-switzerland-vote-burqa-ban/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...