චීන රුසියානු සහයෝගීතා ගිවිසුමේ 20වන සංවත්සරය ඉතා ඉහලින් අගය කරමින් සිහිපත් කරන අතර ගිවිසුම යාවත්කාළීන කරමින් දෙරට අතර සහයෝගීතාවය වඩාත් වර්ධනය කරගැනීමට රුකුල් දෙන නව ගිවිසුමකට එළඹෙන බවත්; එය ජාත්‍යන්තර ස්ථාවරත්වය වර්ධනය කරමින්, ආරක්ෂා කරන නව පරිච්ඡේදයකට මඟපාදනු ඇති බවත් පසුගිය 05වන සිකුරාදා දින මාධ්‍ය හමුවක් අමතමින් චීන විදේශ ඇමති වැන්ග් යී නිවේදනය කළේය.
කොවිඩ් -19 වසංගතයට දෙරටම මුහුණ දුන් ආකාරය ප්‍රසංශනීය බව සඳහන් කළ ඔහු නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිදුවන මෙම නව ආරම්භය විසින් ලොව පුරා පැතිරයමින් පවතින “දේශපාළන වෛරසයන්” අතුගා දැමීමට දෙරට එක්ව ක්‍රියාකරනු ඇති බවත් පැවසීය.
දෙරට අතර සහයෝගීතාවයේ වර්ධනය ඇමරිකාව නොරුස්සන බවත් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් පිළිබඳ වදන් හරඹ කරමින් ලොව අන් රටවල අභ්‍යන්තර කටයුතු වලට අතපොවන ඇමරිකාවේ උපාය මාර්ගය ලොව අස්ථාවරත්වය වඩාත් වර්ධනය කරණු ඇති බවටත් පෙන්වා දෙමින් ඇමරිකාවට එරෙහිව චෝදනා කර සිටියේය.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/news/517442-china-russia-color-revolution-cooperation/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...