📌 බටහිර ජැටිය (WCT) යනු දකුණු ජැටිය (දැන් CICT) සහ නැගෙනහිර ජැටිය (ECT) කියන ජැටි දෙක සමග දකුණු කොළඹ වරාය ව්‍යාපෘතියේ ඉදිවීමට නියමිත සමාන ප්‍රමාණයෙන් යුක්ත තුන්වන සහ අවසාන ජැටියයි..
📌 මේ දකුණු කොළඹ වරාය ව්‍යාපෘතිය සදහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ අත්සන් කල ණය ගිවිසුම අනුව එහි ඉදිවන ජැටි 3න් එකක් පමණයි 100% වරාය අධිකාරිය යටතේ තබා ගෙන මෙහෙයුම් කරන්න හැකියාව තියෙන්නෙ..
📌 ඒ අනුව මේ ජැටි 3න් මෙහෙයුම් වියදම් අවම වන සහ යාබද SAGT පර්යන්තය සමග කොළඹ වරායේ නිර්මාණ කල හැකි වාර්ශික බහාළුම් ධාරිතාවය මිලියන 7.2කට වැඩි (දැනට කොළඹ වරායේ සමස්ථ බහාළුම් ධාරිතාවයට සමාන) විශාලතම පර්යන්තය නිර්මාණය කල හැකි ‘කොළඹ වරායේ වටිනාම ජැටිය’ වන නැගෙනහිර ජැටිය වරාය අධිකාරිය යටතේ තබා ගන්නත් දකුණු සහ බටහිර ජැටි පුද්ගලික අංශය සමග හවුල් ආයෝජන ලෙස ක්‍රියාත්මක කරන්නත් මුල සිටම ශ්‍රී ලංකා රජය සැලසුම් කරන්නෙ..
📌 එහෙම සැලසුමක් තියෙන අතරෙ තමයි පහුගිය යහපාලන ආණ්ඩුවත් පසුව මේ ආණ්ඩුවත් වරාය අධිකාරියට දකුණු කොළඹ වරායේ හිමි වීමට තිබූ ‘එකම’ පර්යන්තයත් අධිකාරියට අහිමි කරන්න දැඩි උත්සහයක් ගන්නෙ..
📌 බටහිර ජැටිය නැත්නම් WCT එකේ පලමු අධියර (දිය කඩනය වෙනස් කරලා ඉදිරියට කරන්න තියෙන ජැටිය දිගු කිරීම නැතිව) සම්පූරණ කරන්න අඩුම ගානෙ ඩොලර් බිලියනයක්වත් වැය වෙනවා..
📌 ඒ වගේම ECT එකට SAGT එක තියෙනවා වගේ WCT එකට සමාන්තර ජැටියක් නොමැති වීම වගේ කාරණා එක්ක එම පර්යන්තයේ මෙහෙයුම් කිරීමත් ECT එකට වඩා වෙළඳ අභියෝගයක්..
📌 මේ කාරණය නිසා WCT සහ ECT කියන දෙකෙන් ECT එක සමඟ SAGTද එකතු වී තැනෙන කොළඹ වරායේ විශාලතම පර්යන්තය වරාය අධිකාරිය යටතේ තබා ගන්න එදා පැවති මහින්ද ආණ්ඩුව මුලදිම තීරණය කිරීම හරියටම හරි.. අගය කල යුත්තක්..
📌 WCT එක සංවර්ධනය කරන්න ලෝකයේ ප්‍රධාන නැව් සමාගමක් හෝ ප්‍රධාන පර්යන්ත ජාල මෙහෙයුම් කරන සමාගමක් සම්බන්ධ කර ගැනීම ඒ පර්යන්තයේ ස්වභාවය අනුව ඉතා සුදුසුයි.. දැන් ආණ්ඩුව කරන්න යන දොලපිදේණි දීමේ ක්‍රමය නෙවෙයි සැබෑ වාණිජ ආයෝජනයක් තමයි එහෙම සුදුසු.. මේ දෙක දෙකක්..
📌 අධිකාරියට තනිව කර ගත හැකි ECT පර්යන්තයද එසේ නොහැකි බව කියමින් වෙන්දේසි කරන්නට ගිය තත්වය තුල අනිවාර්යයෙන්ම ඊට වඩා අභියෝගාත්මක WCT එක අධිකාරියට කොහොමත් නොලැබෙන බව පැහැදිළියි.. ඒනිසා ECT සටන අනිවාර්යයෙන් ජය ගත යුතුව තිබුනු එකක් වගේම ඒ ජය රටට බොහෝ වටින එකක්..
📌 ඒ අනුව ECT එක බේර ගෙන WCT එක දුන්නා වගේ කතා.. WCT එක දීම දේශප්රේමීද වගේ පදනමක් නැති බොළද කතා පරාජිතයන්ගේ සහ කලදුටු කල වල ඉසීමට ECT සටනේ එල්ලුනු අවස්ථාවාදීන්ගේ සිත නිවන කතා පමණයි.. ඊට වඩා ගත යුත්තක් නැත..
📌 ECT එකත් බේර ගෙන, ඉන්දියාවට කෙලින්ම දොලපිදේණිත් නොදී, WCT එකටත් විධිමත් නීත්‍යාණුකූල ක්‍රමයකට කුප්‍රකට ජාවාරම් නඩයක් වෙනුවට ලොව හොඳම ආයෝජකයෙක් ගෙනෙන්න තරම් මේ රජයේ රාජතාන්ත්‍රික පිට කොන්ද ශක්තිමත් කියලා පේන්නවත් නොමැති අවස්ථාවක මේ තරමට හරි අධිකාරියට අවශ්‍ය ජැටිය බේර ගන්න ලැබුනු එක ඇත්තටම ලොකු දෙයක්..
📌 පහුගිය කාලය පුරාම අපි ECT එක කාටවත් නොදිය යුතු ඇයි දැයි බොහෝ කරුණු ඉදිරිපත් කරා.. දෙන්නම ඕනැ කියපු අනිත් පාර්ශවය කොළඹට එන නැව් නතර කල හැකි ඉන්දියන් දෙවියෙක්ව ලොවට අලුතෙන් හඳුන්වා දුන්නා.. දැන් ඒ නාවික සහ ආර්ථික විශාරදයන්ට අවස්ථාවක් තියෙනවා ඉන්දියාවට යන කාගෝ අධිකාරියේ ECT එකට හෝ චීනගෙ CICT ජැටිවලට නොයාවා ඒ මහා ආයෝජනයේ අපි නොදන්න තේජස විදහා අදානිලා මෝදිලා තමන්ගෙ ජැටියෙ තමන්ගෙ බඩු බාලා පෙන්වන වික්‍රමය අපිටත් පෙන්නලා අපේ කට උත්තර නැති කරන්න හිටං.. 😁
📌 අවසානෙට කියන්නම ඕනෑ දෙයක් තියෙනවා.. අධිකාරියේ මුල් පුටුවල ලැග ගෙන අධිකාරියේ කකුලෙන් අදින ගමන් අදානිලාට කඩේ යන දේශපාලන බත් ගොට්ටො ටික කවුද කියලා ECT සටනෙදි රූපවාහිනී සාකච්චා හරහා රටම දැක්කා.. මේ කරුමක්කාර ආණ්ඩුවට පින් සිද්ද වෙන්න ඒ කුමණ්ත්රණකාරයො තවම ඒ පුටුවල යහමින් වැජබෙනවා.. උන් දැනටම ECT එකේ සංවර්ධනය ප්‍රමාද කරන්න ගජරාමෙට වැඩ කියලා ආරංචියි.. ඒ මර ගාත ටිකත් හැකි ඉක්මනින් එළියට ඇදලා දාන වැඩේ තියෙන්නෙත් සේවකයන් අතේමයි.. මේ ලොවෙත් නැති ජාතියේ ආණ්ඩුව නම් ඒවා බලයි කියන ජෝක් එක නම් අමතක කරන්න..
ECT එකේ වටිනාකම හැකි ඉක්මනින් දකින්න රට වාසනාවන්ත වේවා.. ❤️
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...