දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නවතම” විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාව” මගින් පෙන්වා දෙන්නේ 2021 ජනවාරි මාසය තුළ දී මෙරටට ආනයනය කරන ලද සීනි හා රසකැවිලි සඳහා දරා ඇති සම්පූර්ණ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 57.5 ක් බවයි.මෙය 2020 ජනවාරි මාසයේ සීනි හා රසකැවිලි ආනයන වියදම වූ ඩොලර් මිලියන 20.0 හා සැසඳීමේ දී 186.9% ක ඉහළ යාමක් බවද පැවසේ.

2019 හා 2020 වර්ෂවල දී සීනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් දරා ඇති වියදම් පිළිවෙලින් ඩොලර් මිලියන 201.2 ක් හා ඩොලර් මිලියන 277.7 ක් වේ.

වාර්තාව වැඩිදුරටත් පවසා සිටින්නේ “පාරිභෝගික භාණ්ඩ යටතේ වර්ගකර ඇති ආහාර හා පාන වර්ග ආනයන වියදම සියයට 24.6කින් ඉහළ ගිය අතර, මේ සඳහා සීනි සහ පොල්තෙල් ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතුවිය. පරිප්පු සහ මිරිස් ආනයන ද සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, 2020 ජනවාරි මාසයට සාපේක්ෂව අනෙක් බොහෝ ආහාර හා පාන වර්ග ආනයන වියදම අඩුවිය.” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More