පුරවැසි කොලම

පාස්කු ප‍්‍රහාරය මෑත කාලීනව අප රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධියක් විය. දශක තුනක් තිස්සේ පැවැති එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ගෙන් බැට කෑ ජාතියක් නිදහසේ හුස්ම ගනිද්දී එල්ල වූ මෙම ප‍්‍රහාරය නිසා මුළු රටම තැති ගත්තේය. යහපාලන රජය ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් දැක්වූ උදාසීන ප‍්‍රතිපත්තිය මෙම ප‍්‍රහාරයට හේතු වූ බව බොහෝ දෙනා චෝදනා කළහ. මෙම තත්ත්වය හමුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කර ඒ ගැන සොයා බැලීමට හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පියවර ගෙන තිබිණි. ප‍්‍රහාරයේ වගකීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට ද චෝදනා එල්ල වී තිබේ. තමන් පත්කළ කොමිසමකින් තමන්ට චෝදනා එල්ල වීම දෛවයේ සරදමක් විය හැකි වුවද, හිටපු ජනාධිපතිවරයා මෙම කොමිසම පත් නොකරන්නට පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් බොහෝ කරුණු කාලයේ වැලිතලාවෙන් යටවීමට ඉඩ තිබූ බව ඉතාම පැහැදිලිය.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට දඬුවම් ලබාදීම අනිවාර්යයෙන් ම විය යුත්තකි. ඒ පිළිබඳව විවාදයක් නොමැත.

මෙම කොමිසම හරහා මුස්ලිම් අන්තවාදීන්ගේ ක‍්‍රියාකලාපය හෙළිදරව් කර ගැනීම රටක ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඉතාමත් වැදගත්ය. අප රටේ සාම්ප‍්‍රදායික මුස්ලිම් ජනතාව තමන්ගේ ආගමික කටයුතු කර ගනිමින් අන් ජාතීන් සමඟ දශක ගණනාවක් මේ රටේ සුහදව ජීවත් වූහ. අදටත් එම ජනතාවගෙන් රටට කිසිදු හානියක් සිදු නොවේ. වෙළෙඳාමේ ශූරයන් වන මුස්ලිම් ජාතිකයෝ මෙරට ජාතික ආර්ථිකයේ වැදගත් පංගුවකට හිමිකම් කියති. පාස්කු ප‍්‍රහාරය එල්ල වූ සමයේදී සාම්ප‍්‍රදායික මුස්ලිම්වරු පවා දැඩි අපහසුතාවකට පත් වූ බව නොරහසකි. ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු පවා මේ නිසා කඩාවැටුණි. නමුත් මේ වන විට ඒ සියල්ල නිමා වී ඇත. සන්සුන් මනසකින් සියලූ ජාතීන්ට සමගියෙන් සහජීවනයෙන් ජීවත්වීමේ පරිසරයක් මේ වන විට නිර්මාණය වී ඇත. අප රැුක ගත්තේ මේ සහජීවනය බව අමතක නොකළ යුතුය. එනිසාම ඉදිරියේදී මෙවැනි අන්තවාදී ප‍්‍රහාර එල්ල නොවීමට වගබලා ගැනීමට අප සියලූ දෙනාම කටයුතු කළ යුතුය. ඒ සඳහා කැපවිය යුතුය.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් වැදගත් කරුණු රැසක් හෙළිදරව් කළේය.

ඇමැතිවරයා පෙන්වා දෙනු ලැබූ එක් කරුණක් වූයේ අරාබි පාසල් හරහා මුස්ලිම් දරුවන් අන්තවාදී මතවාදයන්ට නැඹුරු කිරීමේ උත්සාහයක නිරත වූ බවයි.

‘‘සේව් ද පර්ල්’’ සංවිධානය විසින් දියත් කර ඇති අරාබි පාසල්වල කුඩා දරුවන්ට අන්තවාදී මත පෝෂණය කිරීම සඳහා සහරාන් ඇතුළු පුද්ගලයන් දේශන පවා පවත්වා

ඇතැයි ද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එපමණක් නොව වසර 1 සිට 13 වසර දක්වා ඇති සා. පෙළ පොත්වල ආගමික සහජීවනයනට බාධා වන අයුරින් අන්‍ය ආගමිකයකුට එක්වී නැඟී සිටින ආකාරය ද දක්වා ඇතැයි ද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළ අතර ඒවා නිවැරදි කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.එය අනිවාර්යයෙන් ම විය යුත්තකි. තවදුරටත් අප රටට අවශ්‍ය වන්නේ අන්තවාදීන්ගේ අදහස්වලින් පෝෂණය වූ දරුවන් නොවේ. ආගම කුමක් වුවද ශ‍්‍රී ලාංකික අනන්‍යතාවක් සහිත පුරවැසියන් අප විසින් නිර්මාණය කළ යුතුය.

ඇමැතිවරයාගේ කතාවේදී හෙළි වූ තවත් කරුණක් වූයේ සහරාන් ඉදිරියේදී මරාගෙන මැරීමට ප‍්‍රතිඥාවන් දුන් කාන්තාවන් දෙදෙනකු නිදැල්ලේ සිටින බවයි. එම දෙදෙනා පමණක් නොව අන්තවාදී මත වපුරන අනෙකුත්

අය ද වහාම අත්අඩංගුවට ගත යුතුය. තවත් පාස්කු වැනි ප‍්‍රහාර එල්ල නොවීමට බුද්ධි අංශ තවදුරටත් ශක්තිමත් කළ යුතුය. කොවිඞ් වසංගතය හමුවේ දණින් වැටුණු රට යළි නිසි පීල්ලට ගැනීමට නම් අපට නිදහස් නිවහල් සාමකාමී රටක් තිබිය යුතුය. අපට අවශ්‍ය වන්නේ ආගමික සහජීවනය මිස ආගමික ප‍්‍රචණ්ඩත්වය නොවේ. එනිසාම මොන ආකාරයෙන් වෙස් වලාගෙන පැමිණියත් ඒ සියලූ අන්තවාදීන් කල්තියා හඳුනාගෙන ඊට නිසි ප‍්‍රතිචාර දැක්වීමට අවශ්‍ය පසුබිම රට තුළ තිබිය යුතුය.

(2021 03 12 දිවයින කතුවැකිය..)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More