ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් සමග සාකච්ඡාවක් හෙට පස්වරුවේ ජනාධිපති නිල නිවසේදි පැවැත්වීමට නියමිත බව එම පෙරමුණේ ලේකම් ප්‍රියන්ජිත් විතාරණ පවසා සිටියේය.
ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කමිටු වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාතික නිදහස් පෙරමුණ විසින් මෙම හමුවීම සඳහා ඉල්ලීමක් කර ඇති අතර, ඒ අනුව ජනාධිපතිවරයා විසින් මෙම හමුවීම ලබා දුන් බවයි ඔහු සඳහන් කළේය.
ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයින් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්වීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...