ප‍්‍රධාන පුවත්

“ගෝලීය සංවර්ධනයේදී ලබාගත් නව ජයග්‍රහණ බෙදා හදා ගනිමින්, අන්‍යොන්‍ය යහපත සඳහා වන සහයෝගීතාවයේ නව මාර්ග සොයායෑම” යන මාතෘකාව යටතේ “ගෝලීය ආර්ථික සංවර්ධනය සඳහා වන මහ මොළකරුවන්ගේ මාධ්‍ය සභාවේ” රැස්වීමක් පසුගිය 08 වන දින චීනයේ බෙයිජින්ග් නුවර පැවැත්වී තිබේ.

මේ සඳහා චීනය, රුසියාව, ප්‍රංශය, කසකස්ථානය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ආර්ජන්ටිනාව, බ්‍රසීලය, චිලී රට සහ මෙක්සිකෝව යන රටවල් 10 න් විෂයට අදාල ප්‍රසිද්ධ පුද්ගලයින්, විශේෂඥයින් සහ මාධ්‍ය නියෝජිතයින් 20කට අධික පිරිසක් සහභාගීවී තිබේ.

සැසියේ ආරම්භක දේශන China International Publishing Group (CIPG) සභාපති ඩූ සැන්යුආන් (Du Zhanyuan), ප්‍රංශයේ හිටපු අගමැති ජීන් පියරේ රැෆරින් (jean-pierre Raffarin), සභාපති China Institute for Innovation & Development Strategy (CIIDS) සෙන්බිජිඈන් (Zhen Bijian),
CIID උපාධිධරයින්ගේ කොමිටීයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ හුඈන් කිෆෑන් (Huang Qifan) යන මහත්වරුන් විසින් පවත්වා ඇත.

කොවිඩ් – 19 වසංගතය හමුවේ ගෝලීය ආර්ථික අවපාතයකට මුළු ලොවම මුහුණදී ඇති තත්වයක් යටතේ අන්‍යොන්‍ය ප්‍රතිලාභ සඳහා වන ඒකාබද්ධ ප්‍රයත්නයන් වෙනුවෙන් සියළු රටවල්වල අවධානය මෙවැනි සභාවන් කෙරෙහි යොමුවී ඇති බවත් මෙම පස්චාත් වසංගත අවධියේදී චීන ආර්ථිකය ප්‍රකෘතිමත්වීම ගෝලීය ආර්ථිකයේ ප්‍රගමනය සඳහා වන ගාමක බළවේගයක් වනු ඇති බවත් ඩූ සැන්යුඈන් සිය ආරම්භක දේශනයේදී පවසා සිටියේය.

වඩාත් පුළුල් වූ; උපදෙස් හා තොරතුරු හුවමාරු කරගැනීම සහ ප්‍රතිලාභ බෙදාගැනීම මත පදනම් වූ චීනයේ නව සංවර්ධන රටාව වන “ද්විත්ව සංසරණය” චීනයට මෙන්ම බාහිර රටවලට ආර්ථික සෞභාග්‍යය උදා කර දෙනු ඇති බව පැවසූ ඔහු අන්‍යොන්‍යව ඉගෙනගැනීම හරහා අනවබෝධයන් දුරු කරමින් සහයෝගීතාවය සඳහා ශක්තිමත් සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීමට මේ වටා රොක්වීමට රටවල් වැඩි වැඩියෙන් උනන්දු විය යුතු බව අවධාරණය කර සිටියේය.


ප්‍රංශයේ හිටපු අගමැති ජීන් පියරේ රැෆරින්

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන් http://www.chinatoday.com.cn/ctenglish/2018/commentaries/202103/t20210310_800239717.html



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More