සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
සහරාන් පසුපස අදිසි හස්ථයක් සිටීද යන්න සෘජුව සඳහන් කිරීමට පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවටත් නොහැකි විය. එසේ වුවත් එම කොමිසමටවත් කළ නොහැකි වූ එම සොයා ගැනීම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ මහතා විසින් සිදු කර ඇත. පෙනී යන ආකාරයට නම් එම අසීරු කටයුත්ත සිදුකර තිබෙන්නේ සාමාන්‍යයෙන් අපරාධකාරයකු හඳුනා ගන්න ක‍්‍රමවේදයට නොවේ.
එසේ නොවුණානම් සහරාන් පසුපස සිටින්නේ කවුද යන්න පිළිබඳව ප‍්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් කරන තුරු අශෝක් අබේසිංහ මන්තී‍්‍රවරයා සිටින්නට හේතුවක් නොමැත.
පෙනෙන්නට තිබෙන ආකාරයට අශෝක් අබේසිංහ මන්තී‍්‍රවරයා විසින් සහරාන් පසුපස සිටින්නේ කවුද යන්න සොයාගෙන තිබෙන්නේ න්‍යායකට එසේත් නොමැති නම් තර්කයකට අනුවය. එම න්‍යාය බඳිනතුවක්කු න්‍යාය එසේත් නොමැති නම් දඩයම් න්‍යාය ලෙස හඳුන්වා දිය හැක. අබේසිංහ මන්තී‍්‍රවරයා ජනහමුවක් අමතමින් ප‍්‍රකාශ කර ඇත්තේ දඩයමක් සඳහා තුවක්කුවක් බැඳ තිබෙන අවස්ථාවේදී එම තුවක්කුව බැන්දේ් කවුද යන්න හඳුනා ගත නොහැකි වුවත්, තුවක්කුව පත්තුවී දඩයමක් සිදුවීමෙන් පසුව එම දඩයම කර ගසාගෙන යන්නේ කවුද යන්න නිරීක්‍ෂණය කිරීමෙන් තුවක්කුව බැන්දේ කවුද යන්න තීරණය කළ හැකි බවයි. එහිදී මන්තී‍්‍රවරයා තවදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ වාසිය අත්වන්නේ කාටද යන්න තීරණය කිරීමෙන් තුවක්කුව බැන්දේ කවුද යන්න තීරණය කළ හැකි බවයි. එම බඳින තුවක්කු තියරිය පාස්කු බෝම්බ ප‍්‍රහාරයට ආදේශ කරන අබේසිංහ මන්තී‍්‍රවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ පාස්කු ඉරිදා එල්ල කළ බෝම්බ ප‍්‍රහාරයේ වාසිය වත්මන් ආණ්ඩුව බලයට පත්වීම සඳහා වාසියක් වී ඇති බැවින් පාස්කු ප‍්‍රහාරය පිටුපස මෙම ආණ්ඩුවේ ප‍්‍රබලයන් දෙදෙනකු සිටින බවයි.
අශෝක් අබේසිංහ මන්තී‍්‍රවරයාගේ බඳින තුවක්කු තියරියට අනුව අපරාධකරුවන් තීරණය කිරීමට ගියහොත් අහිංසකයන් එල්ලූම්ගස් යෑම හිරේ යෑම නොවැළැක්විය හැක. එසේ සිදුවිය හැක්කේ තුවක්කුව බැන්ද පුද්ගලයාට පෙර වෙනත් පුද්ගලයකු විසින් දඩයම කර ගසාගෙන යා හැකි බැවිනි. පාස්කු ප‍්‍රහාරය හා සලකා බැලීමේදී අශෝක් අබේසිංහ මන්තී‍්‍රවරයාටත් එබඳු වැරදීමක් සිදුවී ඇති බව පැහැදිලිය. එලෙස සඳහන් කළ හැක්කේ පසුගිය මැතිවරණ ජයග‍්‍රහණ සම්බන්ධයෙන් සලකා බැලීමේදී එම මැතිවරණ ජයග‍්‍රහණ සඳහා පාස්කු ඉරිදා ප‍්‍රහාරය බලපෑ බව සඳහන් කළ නොහැකි බැවිනි. ඒ බව පැහැදිලි ලෙසම සඳහන් කළ හැක්කේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පසුගිය පළාත් පාලන මැතිවරණය ජය ගත්තේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පෙර වන බැවිනි. එම මැතිවරණය ජයගත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට ඉන් අනතුරුව පැවැති ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජය ගැනීම ගැටලූවක් වන්නේ නැත. නමුත් පාස්කු ඉරිදා ප‍්‍රහාරය එම ජයග‍්‍රහණය තවදුරටත් වර්ධනය කිරීම සඳහා හේතුවූ බව ප‍්‍රකාශ කරන්නේ නම් එහි ඇති ගැටලූවක් නොමැත.
එලෙසම අබේසිංහ මන්තී‍්‍රවරයාගේ බඳින තුවක්කු තියරියට අනුව බැලූ කල තුවක්කුව බැන්ද සහරාන්ට දඩයම අහිමිවී ඇති බව නම් සඳහන් කළ හැක. එලෙස සඳහන් කළ හැක්කේ ප‍්‍රහාරය සඳහා සහභාගි වූ සහරාන් ඇතුළු පිරිස අපේක්‍ෂා කළ පළිගැනීම හැර අනෙක් අරමුණ ඉටුවී නොමැති බැවිනි. සහරාන් එම ප‍්‍රහාරයෙන් ඉස්ලාම් විප්ලවයක් අපේක්‍ෂා කළත් සිදුවී ඇත්තේ ප‍්‍රතිවිප්ලවයකි. පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පෙරදින සහරාන් ඇතුළු පිරිස ප‍්‍රහාරය සඳහා හේතු දක්වමින් ගල්කිස්ස ටෙම්ප්ලර් පාරේ පිහිටි ස්පෑන් ටවර් නිවාස සංකීර්ණයේදී පස්වරු 1.17 සිට 3.32 දක්වා ලබාදී ඇති දිවුරුම් දීමේදී ප‍්‍රධාන කරුණු 4 ක් ඇතුළු තවත් කරුණු 14 ක් පමණ ප‍්‍රකාශ කර ඇත. එම කරුණු අතර ප‍්‍රහාරය සිදුකිරීමේදී විනාශ වන මස් ඇට හිස්කබල් මගින් ඉස්ලාම් රාජ්‍යයක් සඳහා බීජ රෝපණය වන බව, මෙම ප‍්‍රහාරය ඉදිරියේදී ඉන්දියාව ජයගැනීම සඳහා පාදක වන බව විරුද්ධවාදීන් සමග කිසිදු අවස්ථාවක සාකච්ඡා නොකරන අතර තැන් තැන්වල බෝම්බ පිපිරීමේ ආරම්භයක් පමණක් බව, අනුකම්පාවක් අවශ්‍ය නම් ඉස්ලාම් ආගමට පැමිණීම හෝ ඔවුන්ට බදු ගෙවීම, අල්ලා දෙවියන් වහන්සේගේ නියමය අනුව ඉස්ලාම් ආගම නොපිළිගන්නා පුද්ගලයන් දුටුතැන ඝාතනය කරන බවත් ප‍්‍රකාශ කර ඇත. සහරාන්ගේ එම අරමුණ ඉදිරියේදී හෝ ඉටුවන බවට කිසිදු සාධකයක් නොමැති බැවින් සහ බෝම්බ ප‍්‍රහාරය එල්ල කරන අවස්ථාව වන විට වහබ්වාදී සහ ඉස්ලාම් මූලධර්මවාදී අදහස්වලට මෙරට තුළ තිබූ ඉඩ කඩත් මේ වන විට අහෝසි වී ගොස් ඇති බැවින් එලෙස සඳහන් කළ හැක. එසේ වූ පමණින් සහරාන් පසුපස වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධානීන් සිටින බව ප‍්‍රකාශ කරන්නේ කෙසේද?
අනෙක් අතට අශෝක් අබේසිංහ මන්තී‍්‍රවරයාගේ බඳින තුවක්කු තියරිය පිළිබඳ සලකා බැලීමේදී මතුවන අනෙක් ගැටලූව වන්නේ අබේසිංහ මන්තී‍්‍රවරයාට මෙම තියරිය කල්පනා වීම සඳහා මෙතරම් කාලයක් ගතවූයේ ඇයි ද යන්නයි. තියරි එසේත් නොමැති නම් න්‍යායන් කල්පනාවට එන එක සාමාන්‍යයෙන් සිදුවන කාර්යයක් නොවූවත් පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව අබේසිංහ මන්තී‍්‍රවරයාට යම් හෝ සැකයක් තිබුණා නම් ඒ පිළිබඳව පැමිණිලි කිරීම සඳහා තිබූ අවස්ථා කිහිපයක්ම ඒ මහතා විසින් පසුකර ඇත. ඒ සඳහා තිබූ එක් අවස්ථාවක් වන්නේ එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවය. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර එම තේරීම් කාරක සභාව පත්කළ බැවින් බඳින තුවක්කු න්‍යායට අනුව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සැක කළ නොහැකි වුවත්, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව එම තියරියට අනුව පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ හෝ සාක්‍ෂි ලබාදීමට අවස්ථාව තිබුණි. එසේත් නොමැති නම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෝ පැමිණිල්ලක් ගොනු කිරීමට ඉඩ තිබුණි. පුදුමයට කාරණය වන්නේ ඒ සියලූ අවස්ථාවන් පසුවීමෙන් පසුව අබේසිංහ මන්තී‍්‍රවරයාට බඳින තුවක්කු තියරිය කල්පනා වීමය.
“දී කිරට බළල්ලූත් සාක්‍ෂි කියන්නා සේ” සමගි ජනබලවේගයේ මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු ද අශෝක් අබේසිංහ මන්තී‍්‍රවරයාගේ නිර්දෝෂී බව පෙන්වාදීම සඳහා පසුගිය දිනවල අදහස් ප‍්‍රකාශ කර තිබෙන අයුරු දැක ගත හැකි විය. ඔවුන් සියලූ දෙනාම මෙන්ම ප‍්‍රකාශ කර තිබුණේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය පසුපස කුමන හෝ බලවේගයක් සිටින බවට ජනතාව තුළ සැකයක් තිබෙන බවයි.
10 වැනිදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සරත් වීරසේකර ඇමැතිවරයා ප‍්‍රකාශ කර තිබුණේ මොහොමඞ් ඉබ‍්‍රාහීම්, මොහොමඞ් නවුෆර් සහරාන්ගේ කි‍්‍රයාකාරකම් පසුපස සිටින බවයි. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ 16 වන පරිච්ඡේදය වන ප‍්‍රධාන පාර්ශ්වකාර පුද්ගලයන්ගේ විස්තර වාර්තා යටතේ මොහොමඞ් නවුෆර් පිළිබඳව ද සඳහන් කර ඇත.
සහරාන් 2005/6 දී පමණ කත්තන්කුඩිහි “ඩාරුල් අදිහාර් අද් දයියා” නමින් සංවිධානයක් ආරම්භ කර ඇති අතර නවුෆර් සහ මවුලවි තෂ්මාල්, මවුලවි අෂ්ෆර්, රවුෆ් එහි සාමාජිකයන් ලෙස කටයුතු කර ඇත. සහරාන්ගේ බිරිඳ වූ හාදියාට අනුව 2008 දී නවුෆර් කටාර් රාජ්‍ය වෙත යෑමට පෙර සහරාන් සමග හිත් නොහොඳවීමක් ඇතිවී ඇත. 2006 දී කටාර් බලා පිටත්ව ගිය නවුෆර් මාස හයකින් පසුව යළි පැමිණ ඇති අතර යළි කටාර් බලා පිටත්ව ගොස් ඇත්තේ 2008 දීය. 2016 දක්වා නවුෆර් කටාර්හි සේවය කර ඇති අතර වසරකට වරක් ශී‍්‍ර ලංකාවට පැමිණ ඇත. 2016 දී යළි පැමිණීමෙන් පසුව නවුෆර් යළි නැවතත් සහරාන් සමග මිතුරු වී ඇත. ඉන් අනතුරුව 2016 ඔක්තෝබර් මාසයේදී නවුෆර් විසින් අයි. එස්. සංවිධානය විසින් හිස ගසා දැමීමේ වීඩියෝ දර්ශන අඩංගු දත්ත බහාලූමක් සහරාන් වෙත ලබාදී ඇත.
2017 නොවැම්බර් මාසයේදී සහරාන් විසින් පළමු පුහුණු කඳවුර මැදවච්චිය රබාවැව ප‍්‍රදේශයේ පවත්වා ඇති අතර එම පුහුණු කඳවුරට නවුෆර් සමග අන්සාර්, රිස්වි, රිස්වාන්, ආබ්දීන්, රමීස්, මිල්හාන්, හස්තුන්, රිල්වාන් ඇතුළු 14 දෙනකු සහභාගි වී තිබේ. සහරාන් විසින් සංවිධානය කළ සියලූම පුහුණු කඳවුරුවලට නවුෆර් සහභාගිවී ඇති අතර එහිදී ඔහු විසින් අයි. එස්. දෘෂ්ටිවාදය සහ එහි කි‍්‍රයාකාරකම් පිළිබඳව දේශන පවත්වා තිබේ. මාවනැල්ල ප‍්‍රදේශයේ බුද්ධ ප‍්‍රතිමාවලට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ පවුල්වලට ලබාදීම සඳහා සහරාන් විසින් 2019 ජනවාරි මාසයේදී මුදල් ලබාදී තිබෙන්නේද නවුෆර්ටය. නවුෆර් සිය බිරිඳ සමග පුත්තලමට ගොස් අත්අඩංගුවේ සිටි මුෆීස්ගේ පවුලට මුදල් ලබාදී ඇත. නවුෆර් සහරාන්ගේ ලැප්ටොප් පරිගණකය මුෆීස්ගේ බිරිඳගෙන් නැවත ලබාගෙන සහරාන්ට ලබාදී ඇත.
සහරාන් විසින් නවුෆර්ව කණ්ඩායමේ දෙවන අණදෙන නිලධාරියා ලෙස පත්කරන ලද බවටත් කොමිසමට සාක්‍ෂි ලැබී තිබේ. සංවිධානයේ ආරක්‍ෂාව සඳහා තමන් සහ අනෙකුත් අය නැවතී සිටින ස්ථානයෙන් වෙන්වූ වෙනත් ස්ථානයක නැවතී සිටින ලෙස සහරාන් විසින් නවුෆර්ට උපදෙස්දී තිබේ. සහරාන් විසින් එඬේරමුල්ල ආරක්‍ෂිත නිවසේදී මිලි මීටර් 09 පිස්තෝලයක් නවුෆර්ට ලබාදී තිබේ.
පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා වාර්තාවේම සඳහන් කර ඇති ආකාරයට නවුෆර් ජාතික තවුහිද් ජමාත් සංවිධානයට මෙන්ම සහරාන්ටද න්‍යායාචාර්යවරයකු සේ බලපා ඇත. එලෙසම සහරාන්ට අධ්‍යාත්මික නායකයා ලෙස අයි. එස්. අයි. එස්. සංවිධානයේ නායක අබුබකර් අල් බග්දාදි බලපා ඇති බව සඳහන් කළ හැක. දැනට පවතින තොරතුරු අනුව පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා සහරාන් අධ්‍යාත්මිකව මෙහෙය වූ ඔහු පසුපස සිටි නායකයා වන්නේ අල් බග්දාදි ය.
ඒ බව පාස්කු ප‍්‍රහාරයට පෙර දින සහරාන් ගල්කිස්ස ටෙම්ප්ලර් පාරේ පිහිටි ස්පෑන් ටවර් නිවාස සංකීර්ණයේ දී කළ කරුණු දැක්වීමෙන් මෙන්ම පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකීම අයි. එස්. නායක අබුබකර් අල් බග්දාදි විසින් භාර ගැනීමෙන් මනාව පැහැදිලි වේ.
ඉහතින්ද සඳහන් කර ඇති ආකාරයට සහරාන් පාස්කු ඉරිදා දින බෝම්බ ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා බලපෑ ප‍්‍රධාන කරුණු 4 ක් සම`ග තවත් කරුණු 14 ක් සඳහන් කර ඇත. සහරාන් ඉදිරිපත් කළ ප‍්‍රධාන කරුණු 4 න් දෙකකම සඳහන් වන්නේ 2014 දී අබුබකර් අල් බග්දාදි විසින් ප‍්‍රකාශයට පත් කළ ඉස්ලාම් රාජ්‍යය හෙවත් කලීපානයට අදාළ කරුණුය. එහිදී සහරාන් අබුබකර් අල් බග්දාදි විසින් බිහි කළ ඉස්ලාම් රාජ්‍යයට අයිති කුඩා රාජ්‍යයක් වන බාඝස් (BAGHUZ) වෙත රටවල් 80 ක් එකතු වී බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර මුස්ලිම් ජනතාව මරා දැමීමට එරෙහිව පළි ගැනීමට සහ ඉරාකයේ සහ සිරියාවේ මුස්ලිම් විරුද්ධවාදීන් හෙවත් කාෆීර්වරුන් මෙරට (ශ‍්‍රී ලංකාවේ) සංචාරය කිරීමට එරෙහිව පළිගැනීම පිළිබඳව සඳහන් කර ඇත.
අබුබකර් අල් බග්දාදි ද පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති වීඩියෝ සහ හඬ පටයක් මගින් සිරියාවේ බාඝස් (BAGHUZ) නගරයේ බලය අහිමි වීම නිසා ඊට පළිගැනීමක් ලෙස ශ‍්‍රී ලංකාවේදී පාස්කු ඉරු දින ප‍්‍රහාරය එල්ල කළ බව ප‍්‍රකාශ කර ඇත. අල් බග්දාදි 2014 දී ඉස්ලාම් රාජ්‍යය මොසුල් නගරයේ දී ප‍්‍රකාශයට පත් කළ අවස්ථාවෙන් පසුව ප‍්‍රසිද්ධියේ පෙනී සිට ඇත්තේ එම වීඩියෝ දර්ශනයේය. බීබීසී පුවත් සේවය 2019 අපේ‍්‍රල් 30 වැනි දින ප‍්‍රකාශයට පත්කර ඇති ආකාරයට ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති එම වීඩියෝ දර්ශනයට පෙර ද අයි. එස්. සංවිධානය විසින් ශ‍්‍රී ලංකාවේදී පාස්කු ඉරු දින එල්ල කළ ප‍්‍රහාරය පිළිබඳ වගකීම භාරගෙන තිබේ. බග්දාදි අවසන් වරට පෙනී සිටි එම වීඩියෝ දර්ශනය මගින් අයි. එස්. සංවිධානයේ අවසන් බලකොටුව ලෙස සැලකුණු සිරියාවේ බාඝස් :BAGHUZ) නගරයේදී තමන් පරාජයට පත් වු බව පිළිගෙන තිබේ. එහිදී අයි. එස්. නායකයා බාඝස් වෙනුවෙන් කළ සටන අවසන් බවත්, එම සටනට පසු තවත් බොහෝ දේ සිදුවන බවත් ප‍්‍රකාශ කර ඇත. එම වීඩියෝ දර්ශනය මිනිත්තු 18 ක් පුරා ධාවනය වී ඇති අතර අල් බග්දාදි ජීවතුන් අතර සිටිය දී නිකුත් කළ අවසන් වීඩියෝ දර්ශනය ද වේ.
කෙසේ වුවත් එම පෙනී සිටීමෙන් ටික දිනකට පසුව ඇමරිකානු හමුදා විසින් එල්ල කළ ප‍්‍රහාරයකින් අබුබකර් අල් බග්දාදි මරුමුවට පත්විය. අල් අග්දාදි ඝාතනය කළ අවස්ථාව පිළිබඳව අදහස් දැක්වූ එවකට සිටි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබුණේ, බග්දාදි මරණයට බියෙන් බල්ලෙකු සේ පලායෑමට උත්සාහ කළ බවයි. බග්දාදි කෙසේ මරණයට පත්වූවත් ඔහු මරණයට පත්වීමට පෙර පාස්කු ප‍්‍රහාරයේ වගකීම භාර ගැනීම හෝ සහරාන් බග්දාදිගේ විවෘත ඉල්ලීමකට අනුව එම ප‍්‍රහාරය එල්ල කළ බව පැහැදිලිව පෙනෙන්නට තිබියදී පාස්කු ප‍්‍රහාරය පිළිබඳව කතා කරන පුද්ගලයන් ඒ පිළිබඳව සඳහනක් හෝ නොකිරීම පුදුමයට කරුණකි.
එම කාරණය නොසලකා හැරීම හේතුවෙන් ප‍්‍රහාරය පසුපස සිටි බලවේගය පමණක් නොව ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා පාස්කු ඉරුදින තෝරා ගැනීම පිළිබඳව ද විවිධ මතවාදයන් දක්වන අයුරු දැකගත හැක. එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප‍්‍රකාශ කර තිබුණේ බෞද්ධයන් ඉලක්ක කර එල්ල කිරීමට නියමිතව තිබූ ප‍්‍රහාරය වෙනස් වුයේ කෙසේද යන්න සොයා බැලිය යුතු බවයි. අපට පෙනෙන ආකාරයට නම් එම ගැටලූවටද පැහැදිලි පිළිතුරක් බග්දාදිගේ මෙන්ම සහරාන්ගේ අවසන් ප‍්‍රකාශවල අන්තර්ගත වී තිබේ. එසේ වුවද පාස්කු කොමිෂන් සභා වාර්තාවේම සඳහන් වී තිබෙන ආකාරයට ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා වික‍්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් වඩාත් ක‍්‍රියාශීලී කාර්යයන් ඉටු කිරීමට අසමත් වීමට හේතුව තෙරුම් ගැනීමට කොමිෂන් සභාවට අපහසු බවට එම කොමිසම කර ඇති සඳහන් පිළිබඳව නම් සියලූ දෙනාගේ අවධානය යොමු විය යුතුය.
පාස්කු කොමිෂන් සභා වාර්තාවට විවිධ පාර්ශ්වයන් විරෝධය පළකිරීමට හේතුවක් වූයේ එම වාර්තාව පළමුවෙන් ප‍්‍රකාශයට පත්කළ අවස්ථාවේදී කතෝලිකයන් විසින් එල්ල කළ විරෝධයයි. නමුත් මේ වන විට කතෝලික සභාව එම වාර්තාව පිළිගන්නා බවත් එහි නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙසත්, ප‍්‍රකාශ කර ඇත. ඒ අනුව කතෝලිකයන්ගේ කළු ඉරිදා විරෝධය ඉදිරියේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි අංශය, ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට සීමා වීමට ඉඩ ඇත.
(දිවයින පුවත් – එරික් ගාමිණි ජිනප‍්‍රිය)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...