බිහිසුණු ත්‍රස්තවාදී ක්‍රියා සිදු කළ කොටි නායකයන් ඇතුළු කොටි ක්‍රියාකාරීන් 154 දෙනකු ඉන්ටර්පෝල් ලැයිස්තුවෙන් ඉවත් කර ඇත්තේ කාගේ නිගමනයක් මතදැයි මෙතෙක් හෙළි වී නැත.
මේ වන විට ඉන්ටර්පෝල් ලැයිස්තුවේ ඇත්තේ මෑතකදී ඇතුල් කළ එමිල් කාන්තන් සහ තවත් අයකුගේ නමක් පමණකි.
නෝර්වේ කොටි නායක නෙදියවන් මෙන්ම කොටි නායකයන් 37 දෙනකුගේ නම් ද කොටින්ට අරමුදල් එකතු කළ ටී.ආර්.ඕ. සංවිධානයේ නායක රෙජීගේ නම ද ඊට ඇතුල් වී තිබුණි.
මෙලෙස ඉන්ටර්පෝල් ලැයිස්තුවේ සිටි කොටි ක්‍රියාකාරීන් කිසිවෙක් මිය ගොස් නැත.
ඉන්ටර්පෝල් සංවිධානයෙන් මේ ගැන විමසූ විට පැවැසුවේ ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කළ හොත් පමණක් ඕනෑ කරන අයගේ නම් ඉවත් කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...