තමා දේශපාලන ජීවිතයෙන් සමුගත්තේ යෑයි හිටපු කථානායකයකු වූ ජෝශප් මයිකල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
තම පුත්‍රයා වන ගම්පහ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී ශ්‍රීනාත් පෙරේරාට දේශපාලනය කිරීමට ඉඩදී මෙසේ තමා දේශපාලනයෙන් සමුගත් බව කී ජෝශප් මයිකල් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ජ්‍යෙෂ්ඨයන්ට අද තැනක් නැතැයිද කීවේය.
එක්සත් ජාතික පක්ෂය අද කාගේ කාගේත් විවේචනයට ලක් වෙන බවද සඳහන් කළ ජෝශප් මයිකල් පෙරේරා මහතා හිටපු අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා ආරම්භ කළ ‘ජනසවිය’ අද ‘සමෘද්ධි’ බැංකුව ලෙස ජනප්‍රිය වී තිබෙන බවත් එම බැංකුව මහා බැංකුව වෙතට පවරා ගැනීමට ක්‍රියා කිරීම ගැන තමා සතුටක් නැතැයිද කීවේය. තමා දේශපාලනයෙන් ඉවත් වුණත් දේශපාලන වේදිකාවේ කතා පැවැත්වීමට බලාපොරොත්තු වෙන බව කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...