පුරවැසි කොලම

සිරස ලක්ෂපතියට ආ රක්වානේ භාග්‍යා දැරිය කීවේ ඇත්තය. කැපෙන්නේ වනය ඇතුලේද, පිටතද යන්න අදාල නැත. ගස් කපන්නට රටේ පවතින වන සම්පත් නීතිය යටතේ බළපත්‍රයක් උවමනාය. ප්‍රවාහනයට බළපත්‍රයක් උවමනාය. වනය සහිත ඉඩම පුද්ගලික වූවද හෙක්ටෙයාර 1 කට වඩා කපන්නේ නම් පරිසර පණත යටතේ පරිසර වාර්තාවක් සකසා අනුමැතිය ගත යුතුය. ඔප්පු තිබීම වනය විනාශ කිරීමට බළපත්‍රයක් නොවේ.

මම මොරපිටියේය. කලුතර දිස්ත්‍රික්කයේ කෙලවරේය. මොරපිටිය රූනකන්ද මෙන්ම සිංහරාජයද වැඩි ඈතක නොවේ. මට මතක අවුරුදු 50 ක කාලය තුල වනාන්තරය කිලෝ මීටර 5 කට වැඩි ප්‍රමාන‍යකින් ඈතට තල්ලු විය. පිටින් ආ උන්ද කැපූ බව සැබෑය. වැඩිපුර කැපුවේ මායිම් වාසීන්ය. අද කොලඹවාසීන්ට ද, ක්‍රිකට් ක්‍රීඩකයන්ට ද එහි ඉඩම් ඇත. උන්ට ද පැරණි ඔප්පු ඇත. වරෙක මොරපිටීයෙන් ගලා යන ගඟ ඉහත්තාවේ ද හෝටලයක් තනන්නට ක්‍රිකට් ක්‍රීඩකයෙක් උත්සාහ දරන බව ආරංචි විය.

දැරියට ඇඟිල්ල දික් කරන්නට, අපහාසයෙන් කතා කරන්නට පෙර, හොරට ඉඩම් හෙළි පෙහෙළි කළ උන් සුද්ධ කරන්නට පෙර, ඈ කියූ කාරණය වටහා ගත යුතුය. ඇයට එලෙස ප්‍රකාශ කිරීම තුළ ගමෙන් පවා බුරුලක් නොලැබේ යයි දැන දැනම ඇය එම සත්‍යය ප්‍රසිද්ධ මාධ්‍යයක නොපැකිල හෙළි කලේ එය ඇයගේ වගකීම බව තේරුම් ගෙනය. ගමෙන් පවා බුරුලක් නොලැබේ යයි දැන දැනම ඇගේ පියා ඇය කැඳවාගෙන ආවේය.

නුඹලා මෙතෙක් ඒ ගැන නිහඬව සිටියේ බිය නිසා නොවේද? නීතිය ගැන නොදැනුවත් කම නිසා නොවේද?, ඒ ගැන උනන්දුවක් නැති කම නිසා නොවේද?, පක්ෂග්‍රාහිත්වය නිසා නොවේද? තමනුත් මෙම වැරැද්දම යම් හේතුවක් නිසා කරන නිසා නොවේද?

වසර 30ක් පරිසර කටයුතු කල මා මේ සියල්ල ඇත්ත බව දනී. ඊයේ දින මුතුරාජවෙල සම්බන්ධ රැස්වීමකදී ද මතුවූයේ මේ කරුණය.

සල්ලිකාරයන් සමඟ හැප්පෙන්නට අපට හැකි වුවත් උන්ට කඩේ යන මෝඩ වන්දිභට්ටයන් සමඟ හැප්පෙන්නට අපට නොහැක. ඒ සත්‍යය හෝ නීතිය තේරුම් ගැනීම උන්ගේ අවශ්‍යතාවය නොවන බැවිනි.

අපට නිවැරදි වන්නට ඇත්තේ තවත් සුලු කාලසීමාවක් පමණි. පරිසර සම්පත් එක් සීමාවකට වඩා අඩුවූ පසු නැවත ආපසු හරවන්නට නොහැක. තවත් වසර දහයක් පමණ මේ ආකාරයෙන්ම පැවතුනොත් අපට නිවැරදි කරගන්නට දෙයක් ඉතුරු නොවනු ඇත.

(රොෂාන් ද සිල්වා)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More