දේශීය පුවත්

දිවයිනේ නොදියුණු ගම් දියුණු කිරීම සඳහා ‘ගම් පෙරළිය’ නමින් නව ව්‍යාපෘතියක් අගෝස්තු මස සිට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

මේ සඳහා මෙවර මෙවර අයවැයෙන් වෙන්කොට ඇති රුපියල් බිලියන 30ක මුදලක් සහ ඉන්ධන මිල සංශෝධනය කිරීමෙන් භාණ්ඩාගාරයට ඉතිරිවන බිලියන 55න් කොටසක් ද යෙදවීමට යන බව මුදල් හා ජනමධ්‍ය
අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අමත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසී ය.

මෙම ගම්පෙරළිය කඩිනම් ව්‍යාපෘතියක් යටතේ ගම්වල ඇති කුඩා වැව් 2200ක් ප්‍රතිසංස්කරණය කෙරේ. එමෙන් ම සෑම ගමකම ‘හරිත උද්‍යානය ‘ බැගින් පිහිටවනු ඇත.එහි ජනතාවගේ ශරීර සෞඛ්‍ය රැකගැනීමට අවශ්‍ය ව්‍යායාම සහ ක්‍රීඩා පහසුකම් මෙන් ම පුස්තකාලයක්, භාවන යෝගී වැඩසටහන්, ධර්ම දේශනා පැවැත්වීම සඳහා ශාලාවක් ඉදිකෙරෙන අතර සන්නිවේදන කටයුතු සඳහා වයි ෆයි පහසුකම් ද සළසනු ලබේ.

එසේම ගමේ තිබෙන නොදියුණු කුඩා පාසල්,කුඩා පල්ලි, කුඩා කෝවිල් ,දේවස්ථාන දියුණු කිරීමට ද කටයුතු කරන බවත් මෙම’ගම්පෙරලිය’ කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරි මස 18 තුළ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසී ය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More