මෙරට බැංකුවක් වන (N.D.B ) ජාතික සංවර්ධන බැංකුව, නෝර්වේ සංවර්ධන බැංකුවේ මූල්‍ය අංශය වන නෝර්ෆන්ඩ් (Norfund) සමග ආයෝජන ගිවිසුමක් පසු ගිය දා අත්සන් අත්සන් කර තිබේ.
නෝර්ෆන්ඩ් යනු නෝර්වේ විදේශ අමාත්‍යංශය මගින් පාලනය වන ඔස්ලෝ නුවර සිට ක්‍රියාත්මක ආයතනයකි.
එය නෝර්වේ බැංකුව (නෝර්ෆන්ඩ්) මෙරට ශ්‍රී ලංකාවේ කෙරෙන මංගල (ප්‍රථම) ආයෝජනය මෙන්ම එම බැංකුව මේ වර්ෂයේ දී (2021) ආසියාවේ කෙරෙන මුල්ම (පළමු) ආයෝජනය සේ ම ජාතික සංවර්ධන බැංකුව විදේශීය මූල්‍ය ආයතනයක් සමග සම්බන්ධ වී එළඹි පළමු ගිවිසුම ද වන්නේය.
මෙම කාර්යභාරයේ දී සංඛේතාත්මක ගිවිසුමට නෝර්වේජියානු තානාපති ට්‍රයින් ජොරාන්ලි එස්කෙඩාල් (Trine Joranli Eskedal) සහ ජාතික සංවර්ධන බැංකුවේ සභාපති වන ඒෂණ ද සිල්වා යන දෙදෙනා අත්සන් තැබූහ.
නෝර්ෆන්ඩ් ආයතනය ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ ව්‍යාපෘති එකසිය හැටතුනක (163) ඇමරිකානු ඩොලර් බිිලියන දෙකයි දශම අටක් (2.8) ආයෝජනය කර ඇති බව ද වාර්තා වේ.
(මව්රට පුවත්)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...