[මහාචාර්ය ට්‍රෙවෝ ලිං විසින් රචිත Buddha – Buddhist Civilization in India and Ceylon නමැති කෘතිය නයෝමා ද සිල්වා සේනාරත්න මෙනෙවිය විසින් සිංහළට පරිවර්තනය කර “බුද්ධ : ඉන්දියාවේ සහ ලංකාවේ බෞද්ධ සභ්‍යත්වය” නමින් එළිදැක් වූ අවස්ථාවේ මහාචාර්ය ගුණදාස අමරසේකර මහතා කළ දේශනය ඇසුරිනි]
ඉන්දියාවේ සහ ලංකාවේ බෞද්ධ සභ්‍යත්වය පාදක කොටගත් Buddha – Buddhist Civilization in India and Ceylon නැමැති මේ ග්‍රන්ථය මහාචාර්ය ට්‍රෙවෝ ලිං විසින් රචනා කරන ලද්දේ අප රට සිලෝන් යනුවෙන් මිස ශ්‍රී ලංකාව වශයෙන් හැඳින්වීමට පෙරයි.
අප ශ්‍රී ලංකාව බවට පත් වූයේ එක්දහස් නවසිය හැත්තෑ දෙකේ ජනරජ ව්‍යවස්ථාවෙන් පසුවයි. මේ පොත ප්‍රකාශයට පත් වූයේ 1973 වසරේදී යි. මේ පොතේ සිංහල පරිවර්තනයක් පහළ විය යුතුව තිබුණේ මීට දශක කීපයකට පෙරයි. පරිවර්තනය වෙළඳ ව්‍යාපාරයක් වී ඇති මේ සමයෙහි මෙවැන් කෘතියක් අප පරිවර්තකයන්ගේ ඇසට යොමු නොවීම ගැන මම පුදුම නොවෙමි. එහෙත් වාසනාවකට මෙන් නයෝමා ද සිල්වා ට පිං සිදු වන්නට දැන් මේ කෘතිය කියවීමේ භාග්‍යය සිංහල පාඨකයාට උදාවී තිබේ.මාගේ චින්තනයට බෙහෙවින් බල පෑ මේ කෘතිය සිංහලෙන් පළවී තිබෙනු දැක්ම මගේ ඉමහත් සතුටට හේතු වෙයි. මෙය පල කල කඩුල්ල ප්‍රකාශකයන්ට අපගේ කෘතඥතාවය හිමිවෙයි.
මහාචාර්ය ට්‍රෙවෝ ලිං විසින් මේ නිබන්ධය රචනා කරන ලද්දේ ප්‍රධාන අරමුණු දෙකක් මුල් කරගෙන යැයි මම සිතමි…
ඉන් පළමු අරමුණ නම් බෞද්ධ දර්ශනය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලෝකයට, විශේෂයෙන් බටහිර ලෝකයට ලබා දීමයි.
බටහිර ලෝකය බෞද්ධ දර්ශනය සලකනු ලබන්නේ පුද්ගලයාගේ විමුක්තිය සඳහා දේශනා කරන ලද පුද්ගලවාදී දර්ශනයක් ලෙසයි. පුද්ගලවාදයට මුල් තැන දෙන ප්‍රොතෙස්තියානු කිතු දහම බල පැවැත්වෙන ඇමෙරිකන් සමාජය තුළ මේ අර්ථකථනය ප්‍රබල ලෙස මුල් බැස ගෙන ඇත.
මීට හේතුව බෞද්ධ දර්ශනය බටහිරයනට හඳුන්වා දුන් ලේඛකයන් විසින් ඉදිරිපත් කරන ලද අර්ථ කථනයයි. ට්‍රෙවෝ ලිං මහතාගේ නිගමනය අනුව සිංහල බෞද්ධ යතිවරයකු වන වල්පොල රාහුල හිමියන් ගේ “What Buddha Taught” යන කෘතිය ද අයත් වන්නේ ඒ ගණයටයි! මේ සදොස් අර්ථකථනය නිවැරදි කිරීම ට්‍රෙවෝ ලිං මහතාගේ ප්‍රධාන අරමුණක් වී තිබේ.
එතුමාට අනුව බෞද්ධ දර්ශනය එවැනි පුද්ගලවාදී, හුදෙක් පුද්ගල විමුක්තිය මුල්කොට ගත් දර්ශනයක් නොව පුද්ගලයා සමාජයෙන් වියුක්ත නොකොට පුද්ගල විමුක්තිය මෙන්ම සමාජ විමුක්තිය ද සලසා දෙන දර්ශනයකි. ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ එය භාරතය තුල පහල වූයේ ප්‍රබල සමාජ අවශ්‍යතාවක් සපුරාලනු සඳහායි; බමුණු ආධිපත්‍යයට එරෙහි මානව හිතවාදී සමානත්වය මුල්කර ගත් “දැහැමි උත්තර” සමාජයක් බිහි කරනු සඳහායි.
අශෝක අධිරාජයා විසින් මෙය ඉටු කර ගන්නා ලද්දේ බෞද්ධ පරිනිර්වාණයෙන් සියවස් දෙකකට පමණ පසුවයි. අප විසින් එය ඉටු කර ගන්නා ලද්දේ බුදු දහම වැළඳ ගැනීමෙන් පසුවයි.
බෞද්ධ සභ්‍යත්වය පාදක කරගත් මේ රාජ්‍ය තන්ත්‍රය බිහිකර ගනු වස් අශෝක අධිරාජයා විසින් සංඝ සමාජය, පොදු ජනතාව සහ රජු එක්තැන් කරන ත්‍රිකෝණාකාර බල කේන්ද්‍රයක් ස්ථාපිත කරන ලදී.
එහි සංයුතිය පිළිබඳව ම විසින් පසුගිය කාලය තුළ නිබන්ධන කීපයක්ම එළි දක්වා ඇති බැවින් ඒවා පුනරුච්චාරණය කිරීම අනවශ්‍ය යයි සිතමි. මේ පරිවර්තනයේ තුන්වැනි කොටස සහ හතරවැනි කොටස පරිශීලනය කිරීම මඟින් ඒ පිළිබඳ පුළුල් අවබෝධයක් පාඨකයාට ලබාගත හැකි වනු ඇත.
බෞද්ධ සභ්‍යත්වය මුල්කර ගත් මේ රාජ්‍ය තන්ත්‍රය – අශෝක මොඩලය අප හිමිකර ගන්නේ මිහිඳු හිමියන් විසින් බුදු දහම අප වෙත ගෙන ඒම සමඟයි. අපි බුදු දහම මෙන්ම මෙම රාජ්‍යතන්ත්‍රය ද එවේලෙහි ලබා ගතිමු.
ට්‍රෙවෝ ලිං ගේ මේ නිබන්ධනය මෙන්ම නයෝමා ගේ මේ පරිවර්තනය ද අපට දෙන පණිවිඩය කුමක්ද ?
අද අප විසින් සාකච්ඡා කළ යුත්තේ මේ කෘතියේ අන්තර්ගතයට වඩා ඉන් අපට දෙන පණිවිඩය ගැන යයි යයි මම සිතමි. වඩා වැදගත් වන්නේ අප විසින් ඒ පණිවිඩය වටහා ගැනීමයි.
මා එසේ පවසා සිටින්නේ කුමක් නිසා ද ?
වත්මන් ලෝකය දෙස බලන විට විශේෂයෙන් ම ලෝක දේශපාලන ක්ෂේත්‍රය (බටහිර ලොව) දෙස බලන විට අපට එක් කරුණක් පැහැදිලිව දැකගත හැකියි. එනම් ඒ දේශපාලන ක්ෂේත්‍රය අද වන විට පුරන් වූ පිටියක් බවට පත්ව ඇති බවයි ; දර්ශනයකින් තොර වූ ශුෂ්ක භූමියක් බවට පත්ව ඇති බවයි.
බටහිර ලෝකයත් අපත් මුහුණ දෙන මේ තත්ත්වයට පිළියම කුමක්ද ? ප්‍රතිකර්මය කුමක්ද ? කුමන දේශපාලන දර්ශනයක් පිළිසරණ කොට ගත හැකි ද ?
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...