බයිඩ්න්ගේ ආගමනය සමග රුසියානු – ඇමරිකානු මිත්‍රත්වය පිරිහෙමින් තිබූ තත්වයක් යටතේ පෙර දින ABC රූපවාහිනී නාළිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට නොහොබිනා, ඉතා බොළඳ ලෙස බයිඩ්න් විසින් පුටින් ඝාතකයෙක් යනුවෙන් කරණ ලද ප්‍රකාශයෙන් අනතුරුව ඇමරිකාවේ රුසියානු තානාපති ඇනටොලි ඇන්ටොනොව් (Anatoly Antonov) මහතා වහාම රුසියාවට කැඳවීමට ක්‍රෙම්ලින් බළධාරීන් පියවර ගෙන තිබුණි.
ඉන් නොනැවතුණු රුසියානු ජනාධිපති පුටින් විසින් බයිඩ්න්ට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ මෙය බයිඩ්න් විසින් කණ්නාඩියක් ඉදිරිපිටදී තමා විසින් තමාටම පවසා ඇති දෙයක් බවයි. තවද රුසියානුවන්ට ආවේනික වූ ආචාරශීලීත්වය පිළිඹිබු කරමින් ඔහු බයිඩ්න් ජනාධිපතිවරයාට යහපත් සෞඛ්‍යයක් ද ප්‍රාර්ථනා කළේය.
කුඩා අවධියේදී ළමයින් රණ්ඩු කරමින් අන් අයට කරන චෝදනා වලංගු වන්නේ චෝදනාව කරන ළමයාටම බව මෙහිදී පුටින් පෙන්වා දී තිබේ.
බයිඩ්න් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිපත්තීන්ට අනුව සැබෑ ඝාතකයා කවුරුන්ද යන්න අනාගතයේදී ලොවට දැකගත හැකි වනු ඇතැයි විචාරකයින් පවසයි.
තොරතුරු පහත ලින්ක් එකෙන්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...