ප‍්‍රධාන පුවත්

කොවිඩ් -19 වෛරසය මර්දනය සඳහා කියුබාවේ හවානා නුවර පිහිටි ෆින්ලේ එන්නත් ආයතනය “සොබෙරනා 2” (SOBERANA 2) නමින් තම ස්වකීය එන්නතක් නිපදවා ඇති අතර දැනට සිදු කර ඇති එහි සායනික පරීක්ෂණ වල ප්‍රතිඵල ඉතා සතුටුදායක බව ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය විසෙන්ටෙ ෆෙරේස් බෙන්කොමෝ (Dr. Vicente Verez Bencomo) පවසයි.

2021 වසර අවසාන වනවිට එන්නත් කෝටි 10ක් නිපදවා රටේ සමස්ථ ජනගහණයටම එන්නත ලබාදීම ආයතනයේ අරමුණ බව ඔහු පවසයි.

Soberana යන ස්පාඤ්ඤ වචනයේ තේරුම “ස්වාධිපත්‍යය” යන්නයි

1980 දශකය වනවිට ද දශක ගණනාවක් තිස්සේ ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර සංධානයේ සම්බාධක වලට මුහුණ දෙමින් සිටි කියුබාවේ විද්‍යාඥයින් පිරිසක් විසින් එරට ප්‍රථම මෙනින්ජයිටිස් බී (Meningitis B) එන්නතක් නිපදවීමෙන් අනතුරුව එවකට කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ විසින් හවානා නුවර පිහිටි ෆින්ලේ එන්නත් ආයතනය අරඹා තිබේ.

ජාත්‍යන්තර සහායකින් තොරව වූවද එන්නත් කෝටි 10න් ඔබ්බට වන ප්‍රමාණයක් නිපදවීමට ඔවුන් අදිටන් කර ඇති අතර ඇමරිකා එක්සත් ජනපදය ප්‍රධාන ඖෂධ අධිකාරීන්ගේ පේටන්ට් බළපත්‍ර නොමැතිව වුවද එම ඉලක්කයන් සපුරා ගැනීමට ස්වකීය විසඳුම් භාවිතා කරණ බව ඔහු අවධාරණය කරයි.

කියුබාවට එරෙහි ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති බයිඩ්න් විසින් යම්කිසි පමණකට ලිහිල් කළ ද සොබෙරනා 2 (SOBERANA 2) එන්නත නිපදවීමට ඇමරිකාව කිසිදු සහායක් ලබා දේවි යැයි ඔවුන් කිසිසේත්ම විශ්වාස නොකරණ බව ද ඔහු වැඩිදුරටත් පවසයි.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.bbc.com/news/world-latin-america-56069577



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More