දේශීය පුවත්

තේමා පාඨයක් ද සටන් පාඨ මෙන්ම මැයි දින යෝජනා ද රහිතව පසුගිය මැයි 06 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට සීමා වූ අපූරු මැයි දින රැලියක් එක්සත් ජාතික පක්ෂය සිය පාක්ෂිකයන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබිණි. කෙබඳු ආකාරයට එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සැමරුව ද අපට කම් නැත. නමුත් එහිදී එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ එක්තරා ප්‍රකාශයක් කෙරෙහි අපට ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය ලෙස කිසිසේත්ම නිහඬව සිටීමට නොහැකි ය. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ සමෘද්ධි බැංකුව මහ බැංකුවේ පාලනය යටතට ගන්නා බව ය. සමෘද්ධි බැංකුව යනු දරිද්‍රතාවයෙන් පෙළෙන මෙරට අඩු ආදායම් පවුල් ලක්ෂ 16කගේ තැන්පතුවලින් පවත්වාගෙන යන්නකි. එහි සමස්ත තැන්පතු මුදල රුපියල් මිලියන 60,000 කි. එනම් රුපියල් බිලියන 60 කි.

මේ රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන සමෘද්ධිලාභීන්ගේ බැංකුව ගැන වැඩ කරන ජනතාව වෙනුවට තම පක්ෂයේ ‘කැපුවත් කොළ පාටයි’ කියන සාමාජිකයන් දෙතුන් දහසකගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමේ දී රනිල් වික්‍රමසිංහයන් කතා කරන්නේ ඇයි? ඒ පිළිබඳ මුළුමහත් ජාතියේ අවධානය යොමු විය යුතු ය. බලයට ආ විගස මහ බැංකුවේ අධිපති ධුරයට තම ගජමිතුරකු පත්කොට අගමැතිවරයා දියත් කළ ‘බැඳුම්කර මෙහෙයුම’ දැන් මේ රටේ කුඩා දරුවා පවා හොඳින් දනී. ‘බැඳුම්කර මගඩියේ’ මහ මොළකරු වන රනිල් වික්‍රමසිංහයන් පසුගිය මහ මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය සඳහා එජාප සංවිධායකයන්ට කෝටි ගණනින් බෙදා දුන්නේ බැඳුම්කර මගඩියේ මුදල් බව ද අමුතුවෙන් කිව යුතු නැත. එදා එජාපයට හිතවත් පුවත්පත්, රූපවාහිනී නාලිකා බිහි වූයේ ද එම මුදල් වලිනි.

දැන් මහ බැංකුව කැඩූ අය තම පක්ෂයට ඉදිරි මැතිවරණ සඳහා වියදම් සොයා ගැනීමට සමෘද්ධි බැංකුවත් කඩන්නට සූදානම් වේ. රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී තම පාක්ෂිකයන්ට පවසන්නේ ‘සමෘද්ධි බැංකුව මංකොල්ල කා ලැබෙන මුදල් බලාපොරොත්තුවෙන් සිටින්න. ඒ මුදල් විසිකර අපි ඉදිරි මැතිවරණය දිනමු.’ කියා ය.

2001 දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගෙන ආ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා:ඍැට්සබසබට ීරස ඛ්බන්’ වැඩසටහන යටතේ සමෘද්ධි සහනාධාරය කපා හැරීමට යෝජනා කර තිබිණි. ඒ නිසා සමෘද්ධි බැංකුව මංකොල්ල කා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සැරසෙන්නේ ‘එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරා දැමීමට’ ය. පළමුවැන්න, එමගින් ඉදිරි මැතිවරණය සඳහා තම පක්ෂයට මුදල් සොයා දෙන්නට ය. දෙවැන්න, සමෘද්ධි බැංකුව අඩපණ කොට සමෘද්ධිලාභීන්ට මෙතෙක් ලද ප්‍රතිලාභ අහිමි කිරීමට ය, සමෘද්ධි බැංකුව වසන තැනට වැඩ සලස්වා සමෘද්ධි සහනාධාරය නතර කරන්නට ය. රනිල් වික්‍රමසිංහ මහබැංකු ‘ලබ්බට’ අත තබා සිදු කළ විනාශය දන්නා අප, ඔහු සමෘද්ධි බැංකුව නමැති ‘පුහුලට’ද අත තබන්නේ හොඳකට නොවන බව තරයේ සිහි තබා ගත යුතු ය. එසේම ලක්ෂ ගණනින් පෙළගැසිය යුතු ය.

ජයන්ත වන්නිආරච්චි
වෘත්තීය කටයුතු පිළිබද ලේකම්
ජාතික නිදහස් පෙරමුණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More