ඇමරිකාවේ ගවේශණාත්මක මාධ්‍යකරණයේ නිරත ප්‍රොජෙක්ට් වෙරිටාස් (Project Veritas) හි මාධ්‍යකරුවන් විසින් ෆේස්බුක් අධ්‍යක්ෂ වරයෙකු වන බෙනී තෝමස් (Benny Thomas) සමඟ කරණ ලද සාකච්ඡාවක් රහසිගතව පටිගත කර ලොවට විවර කිරීමෙන් අනතුරුව පසුගිය ඇමරිකානු ජනධිපතිවරණයේදී සැලසුම්ගතව සිදු කර ඇති ඡන්ද මගඩි පිළිබඳව නවතම තොරතුරු හෙළිදරව්වීම ඇරඹී තිබේ.
ඔහු හෙළිදරව් කරණ කරුණු අනුව මාක් සකර්බර්ග්ට අයත් ලොව දැවැන්තම මාධ්‍ය සමාගමක් වන ෆේස්බුක් සමාගමේ කටයුතු ලොව සමාජ, ආර්ථික, දේශපාළන මෙන්ම මිළිටරිමය කටයුතු සඳහා වූවද බළපෑම් කළ හැකි භයානක තත්වයක් ඇති කිරීමට තරම් ප්‍රබළ හැකියාවක් මේ වනවිට ලබාගෙන ඇති බවක් පෙනී යයි.
ජනාධිපතිවරණයට පෙර බයිඩ්න් හිතවාදීන් මිලියන 4ක් ලියාපදිංචි කිරීමේ ෆේස්බුක් සමාගමේ ඉලක්කය අභිබවමින් මිලියන 4.5ක්ම ඉතා පහසුවෙන්ම ලියාපදිංචි කරගැනීමට ඔවුන් සමත් වූ බවත් ඒ හරහා බයිඩ්න්ට වාසිවන ලෙස ජනමතයට බළපෑමක් ඇතිකිරීමෙන් බයිඩ්න්ව ජයග්‍රහණය කරා ගෙනයෑමට ඔවුන්ගේ වැඩපිළිවෙල සමත් වූ බවත් ඔහු ජයග්‍රාහීව සිනහසෙමින් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...