ප‍්‍රධාන පුවත්

බළහත්කාරයෙන් සිරියානු භූමිය තුළ රැඳී සිටින ඇමරිකානු හමුදා නැවත කැඳවන බව හිටපු ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුන ද බයිඩ්න් රජය එසේ නොකරණ බවට ප්‍රකාශ කර තිබූ බව පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේ වුවද සිරියාව දිගින් දිගටම චෝදනා කර සිටියේ සිරියානු ත්‍රස්තවාදීන් යනු ඇමරිකානු කුලී හමුදාවක් බවත් ඔවුන්ටද අවි ආයුධ සපයන අතර එක් එක් රටට එක් එක් හේතු කියමින් එම රටවල් වල වටිනා සම්පත් කොල්ල කෑම අරමුණු කර එම රටවල්වලට ඇමරිකානු හමුදා බළහත්කාරීව යැවීම ඇමරිකාවේ ක්‍රමවේදය බවයි.

සිරියාවේ වටිනාම ඛණිජ තෙල් ආකර පිහිටා ඇති ඊසානදිග ප්‍රදේශය ඇමරිකාවේ සහය ලබන කුර්දි කැරළිකරුවන්ගේ පාළනයට නතු කර පවත්වාගෙන යන ඇමරිකානු සැලැස්ම හරහා තම රටට අයත් එම ප්‍රදේශයේ පිහිටි ඛනිජ තෙල් සම්පත් මුහුදු කොල්ලකරුවන් ලෙස කොල්ලකෑමේ දුෂ්ඨ ක්‍රියාවලිය ඇමරිකාව ඇතුළු මිත්‍ර සංධානය විසින් අන් රටවල මෙන් තම රටේ ද ක්‍රියාත්මක කර ඇති බවට සිරියානු ඛනිජ සම්පත් ඇමති බසාම් ටොමේ චෝදනා කරයි.

තම රට තුළ රැඳී සිටිමින් ඊසානදිග ප්‍රදේශයේ ඛණිජ තෙල් ආකර වලින් 90%ක් තම බළහත්කාරී පාළනයට නතු කර ගෙන ඇමරිකාව මේ වනවිට තම රටේ ඇමරිකානු ඩොලර් බිලියන 92 කට අධික ඛනිජ තෙල් සම්පත් මංකොල්ල කා ඇතැයි ද ඔවුන්ගේ අරමුණ සිරියාවේ ආර්ථිකය සම්පූර්ණයෙන් අඩපණ කර මුලු සිරියාවම තම අණසකට යටපත් කර ගැනීම බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More