ප‍්‍රධාන පුවත්

ජෝ බයිඩ්න් අමෙරිකානු ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල අත්හදා බැලූ ප්‍රථම අවස්ථාව බවට සටහන් කරමින් ඔවුන් ජපානයට ඔබ්බෙන් වූ මුහුදේදී නව බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා ඇතැයි, ජපානය සහ අමෙරිකාව පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සුපුරුදු පරිදි ජපානය සහ දකුණු කොරියාව උතුරු කොරියාවේ මෙම මිසයිල අත්හදා බැලීම දැඩිව හෙළා දැක ඇති බවයි.

ජපානය පැවසුවේ, උතුරු කොරියාව එරට වේලාවෙන් උදෑසන 7 ට අත්හදා බැලූ මෙම මිසයිල දෙක කිලෝ මීටර් 420ක් සහ 430ක් ලෙස ඉහළට ගොස් මුහුදට පතිත වී ඇති නමුත් සිය මුහුදු කලාපයට කිසිදු සුන්බුන් කොටසක් වැටී නොමැති බවයි.

මෙම පරීක්ෂණයෙන් උතුරු කොරියාවේ නීති විරෝධී ආයුධ වැඩසටහන අසල්වැසියන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට ඇති තර්ජනය ඉස්මතු කර ඇති බව; ආසියා-පැසිෆික් කලාපයේ හමුදා බලකායන් අධීක්ෂණය කරන එක්සත් ජනපද පැසිෆික් අණදෙන නිලධාරියා පවසයි.

කෙසේ වෙතත් අමෙරිකානූ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තවමත් ප්‍රතිකාර දක්වා නොමැති අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවලට අනුව තර්ජනාත්මක ආයුධ ලෙස සැලකෙන බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම තහනම් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More