ඔස්ට්‍රේලියා ප්‍රජාතන්ත්‍රවාදයේ රජ මහා විහාරය ලෙස සැලකෙන එරට පාර්ලිමේන්තුව තුළ විවිධ මට්ටමේ පාර්ලිමේන්තු සේවිකාවනට සිදු වී ඇති ලිංගික හිංසනයන්ට අදාල ඡායාරූප සහ වීඩියෝ පට සමාජගත වීමත්, තොරතුරු හෙළිදරව් වීමත් සමග ඔස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් (Scott Morrison) එම ලැජ්ජා සහගත සිදුවීම් පිළිබඳව තමන් මහත් විමතියටත්, කළකිරීමටත් පත්වූ බව ප්‍රකාශ කළ ද හිංසනයන්ට ලක්වූ පාර්ලිමේන්තු සේවිකාවන් පවසන්නේ එය ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුව තුළ සාමාන්‍ය තත්වයක් බවයි.
දැනට මාස 06 කට පෙර ග්‍රීන්ස් පක්ෂයෙන් එරට සෙනෙට් සභාවට පත් වූ ප්‍රථම ආදිවාසී කාන්තාව වන ලිඩියා තෝර්පේ (Lidia Thorpe) පවසන්නේ එම මාස 06 තුළ ඔස්ට්‍රේලියාවේ සෙනෙට් සභිකයින් දෙදෙනෙකුගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ ලිංගික හිංසනයන්ට ඇය පාත්‍ර වූ බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට පවා ලිංගික යෝජනා සහිත විවිධ පණිවිඩ ලැබී ඇති බවට තොරතුරු හෙළිදරව්වන වාතාවරණයක් මතුවී ඇති තත්වයක් තුළ කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ ඇමතිණී කෙරන් ඇන්ඩෘස් (Karen Andrews) පාර්ලිමේන්තුවේ මෙන්ම එරට අනෙකුත් ආයතන වල කාන්තාවන්ට වන ලිංගික හිංසනයන් හෙලා දකින බව ප්‍රකාශ කරයි.
මේ අතර ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට විශේෂයෙන්ම තම සේවා ස්ථානවලදී වන ලිංගික හිංසනයන්ට විරෝධය පාමින් ප්‍රධාන නගර 40ක ජනතාව වීදි බසිමින් විරෝධතා දැක්වීම ආරම්භ කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...