ප‍්‍රධාන පුවත්

අන්‍යොන්‍ය ප්‍රතිලාභ සඳහා තම රට තුළ වැඩි වැඩියෙන් ආයෝජනය කරන ලෙස බංගලාදේශ සැළසුම් අමාත්ය මන්නන් (MA Mannan)  මහතා චීන ව්‍යාපාරිකයින්ට ආරාධනා කර තිබේ.

දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය, සෘජු විදේශ ආයෝජනයන්හි වර්ධනය සහ එරට සමාජ, ආර්ථික, මානව සාඵල්‍යතාවය යන කරුණු පෙන්වාමින් බංගලාදේශය යනු ආයෝජනයන් දිරිගැන්වීමේදී සිත්ගන්නාසුලු රටක් බව හුවාදක්වමින් “බංගලාදේශ – චීන ආයෝජන සමුළුව” (Showcase Bangladesh 2021: Bangladesh China Investment summit) දුරස්ථ මාර්ගගත සන්නිවේදන ක්‍රමය යටතේ බංගලාදේශ අයෝජන සංවර්ධන අධිකාරිය [Bangladesh Investment Development Authority (BIDA)] සහ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව (Standard Chartered Bank) විසින් සංවිධානය කර තිබුනි.

එක්සත් ජාතීන්ගේ ක්‍රමෝපායන්ට සහ අසල්වැසි රාජ්යයන්හි සංවර්ධනය සඳහා චීනය විශාල දායකත්වයක් ලබාදෙන බව පෙන්වා දෙමින් අමාත්යවරයා සඳහන් කර සිටියේ දකුණු ආසියාවේ ඉතා හොඳ තත්වයක සිටිනා වත්මන් බංගලාදේශය විශ්වාස කළ නොහැකි ආයෝජන අවස්ථා සහිත චීන ආයෝජකයින්ට සිත්ගන්නා සුළු රටක් බවයි.

චීනය සමග මිත්‍රත්වය වඩ වඩාත් තහවුරු කරගැනීම සඳහා බංගලාදේශය ඉතා විවෘත බව සඳහන් කළ ඇමතිවරයා මේ වනවිට විශාලතම ආර්ථිකයක් පමණක් නොව ගෝලීය ආර්ථිකයේ ගාමක බළවේගයක් ද වන චීනය සමග වර්ධනය කරගන්නා මිත්‍රත්වය තුළින් තම රටට ඉතා ඉහළ ප්‍රතිලාභ අත්කර ගත හැකි වන බවද ප්‍රකාශ කළේය.

සම්මන්ත්‍රණයට සහභාගී වූ චීන සමාගම් බංගලාදේශය සමග අයෝජනය කිරීමට දිරිගන්වමින් එහිදී කතා කළ චීන තානාපති ලී ජිමින්ග් (Li Jiming) බංගලාදේශ මහ බැංකුවෙන් ඉල්ලා සිටියේ විදේශ මුළ්‍ය වාණිජ ගණුදෙනු සඳහා “චීන යුවාන්” (RMB) භාවිතය කෙරෙහි අවධානය යොමු කරණ ලෙසයි.

පුද්ගලික කර්මාන්ත සහ ආයෝජන පිළිබඳ බංගලාදේශ අගමැතිගේ උපදේශක සල්මන් ෆස්ලූර් රහමන් (Salman Fazlur Rahman) එහිදී පවසා සිටියේ විදේශ ආයෝජන ලබාගැනීම සඳහා වන ස්ථාවර ආර්ථිකයක් සහ මුළ්‍ය ඒකකයක් මේ වනවිට බංගලාදේශය සතු වන අතර චීනය ඔවුන්ගේ ආර්ථිකයේ විශාල සහකරුවෙකු නිසා චීන ආයෝජනයන් කෙරෙහි බංගලාදේශයේ විශේෂිත වූ අවධානයක් ඇති බවයි.

“බංගලාදේශය ඔබගේ ආයෝජන සිහිනය පෝෂණය කරයි” (“Bangladesh – We Nurture Your Investment Dreams”) නම් වූ ග්‍රන්ථය එළිදක්වමින් මෙම වසරේ ජුලි මස පැවැත්වෙන බංගලාදේශ ආයෝජන සමුළුවට (Bangladesh Investment Summit) සහභාගී වන ලෙස චීන අයෝජකයීන් දිරිගැන්වූ බංගලාදේශ අයෝජන සංවර්ධන අධිකාරියේ සභාපති සිරාසුල් ඉස්ලාම් (Md Sirazul Islam) එහිදී සඳහන් කර සිටියේ චීන ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාර ආරම්භ කර පවත්වාගෙන යෑම සඳහා බංගලාදේශ රජයේ සහයෝගය සහතික කරණ බවයි.

මේ අතර 2016 වර්ෂයේදී පමණක්; චීනය සහ බංගලාදේශය අතර ඩොලර් බිලියන 24ක් වටිනා අවබෝධතා ගිවිසුම් 27ක් අත්සන් කර ඇති අතර ඩොලර් බිලියන 13.6ක වටිනාකමක් ඇති චීන – බංගලාදේශ හවුල් ව්‍යාපාර 13ක් ආරම්භ කර තිබේ.

තොරතුරු පහත ලින්ක් එකෙන්
http://www.xinhuanet.com/english/2021-01/26/c_139697017.htm



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More