කොවිඩ් – 19 ආරම්භයෙන් පසු තම ප්‍රථම නිළ විදේශ සංචාරය සනිටුහන් කරමින් බංගලාදේශයේ 50 වන නිදහස් සමරුවට සහභාගීවූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් තම රටේ සීරම් ආයතනය තුළ නිපදවන ඇස්ට්‍රසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 12ක් එරට අගමැතිණී ෂෙයික් හසීනා (Sheikh Hasina) මහත්මිය වෙත පරිත්‍යාග කර තිබේ.
බංගලාදේශය එම එන්නත් මාත්‍රා කෝටි 3ක් මිළදී ගැනීමට පසුගිය නොවැම්බර් මස ගිවිසුම්ගතව ඇති අතර මින් පෙර ද ඉන්දියාව විසින් ඇස්ට්‍රසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් බංගලාදේශයට පරිත්‍යාග කර තිබුණි.
මෙම එන්නත් ජාත්‍යන්තර ප්‍රජාවට විකිණීමේදී තම රටේ සමූහ එන්නත්කරණ වැඩසටහනට ප්‍රමුඛත්වය දීමට සිදුව ඇතැයි ඉන්දියාව විසින් ප්‍රකාශ කර තිබූ තත්වයක් යටතේ මෙම එන්නත් පරිත්‍යාගය කර තිබීම විශේෂත්වයකි.
කෙසේ වුවද ගිවිසුම්ගත ආකාරයට ඉතිරි එන්නත් අඛන්ඩව ලබාදෙන ලෙස බංගලාදේශ විදේශ ඇමති අබ්දූල් මොමෙන් (AK Abdul Momen) ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇත.
ඉන්දියාව සහ චිනයේ භූ දේශපාළන අරගලයට ඉන්දියාවේ අසල්වැසියෙකු ලෙස මැදිව සිටිය ද ඉන්දියාව සහ චිනය යන රටවල් දෙකම සමග ඉහළ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගනිමින් තම රට ඉදිරියට ගෙනයෑම සඳහා ඉතා පරිණත ආකාරයෙන් අගමැතිණී ෂෙයික් හසීනා මහත්මියගේ පාළනය කටයුතු කිරීම බොහෝ විද්වතුන්ගේ පැසසුමට ලක්ව තිබේ.
තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.ndtv.com/india-news/india-gifts-1-2-million-free-doses-of-covid-vaccine-to-bangladesh-2400308
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...