ප‍්‍රධාන පුවත්

සොබාදහම වනසමින් සිදුකරන සංවර්ධණය මිත්‍යාවක්ම පමණක් වන අතර ආර්ථිකය සුරක්ෂිත කිරීම හෝ පරිසරය රැකගැනීම යන දෙකෙන් එකක් තෝරා ගත යුතුය යන සාවද්‍ය ඉගැන්වීම අපි ප්‍රතික්ෂේප කරන්නෙමු යයි පවසන සෞදි කුමරු මොහමඩ් බින් සල්මන් ඉදිරි දශකය තුළ ගස් බිලියනයක් වර්ධනය කරමින් එරට හරිත ආවරණය ඉහළ නැංවීමේ “සෞදි හරිත ක්‍රියාන්විතය” (“Saudi Green Initiative”) දියත් කිරීමට සැළසුම් කරන බව සෞදි පුවත් සේවය වාර්තා කර තිබේ.

වැලි කුණාටු හේතුවෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 13ක හානියක් සිදුවන ලොව ප්‍රමුඛතම බොර තෙල් අපනයනකරු වන සෞදි අරාබියාව සහ තම කළාපීය රටවල් කාන්තාරකරණය ඇතුළු බරපතළ කාළගුණ විපර්යාසයක අවදානමට මුහුණ දෙමින් ඇති බව පවසන සෞදි කුමරු ඒනිසා සෞදි ජනතාවගේ ආයු කාළය වසර 1 1/2 කින් කෙටිවී ඇති බව ද පෙන්වා දෙයි.

මෙම හරිත ආවරණය වර්ධනය කිරීම සෞදි කුමරුගේ “2030 දැක්ම” (Vision 2030) වැඩසටහනේ කොටසක් වන අතර එය කළාපයේ අන් රටවලට ද ව්‍යාප්ත කරන “මැද පෙරදිග හරිත ක්‍රියාන්විතය” ( “Middle East Green Initiative”) යටතේ තවත් ගස් බිලියන 40ක් එම රටවල් වල වර්ධනය කරමින් එය ලොව දැවැන්තම හරිත ආවරණ සංවර්ධන ව්‍යාපෘතිය ලෙස අභිෂේක කිරීමට සැලසුම් කරයි.

පෙට්‍රෝලියම් අපනයන රටවල සන්ධානයේ (OPEC) ප්‍රබලතම රට වන සෞදි අරාබියාව කාබන් වායු විමෝචනය හේතුවෙන් සිදුවන ගෝලීය කාළගුණ විපර්යාසයන් සම්බන්ධයෙන් එතරම් තැකීමක් සිදු නොකළ රටක් බව ප්‍රචළිත නමුත් පරිසර තුළනය පිළිබඳ සෞදි කුමරුගේ මෙම නව ප්‍රවේශය ලොව අවධානය දිනාගැනීමට සමත් වී තිබේ.

මේ අතර එරට දැවැන්තම තෙල් සමාගම වන සෞදි ඇරම්කෝ (Saudi Aramco) සමාගම තම බොර තෙල් නිෂ්පාදන සංකීර්ණයන්ගෙන් සිදුවන කාබන් වායු විමෝචනයන් අවප්‍රමාණය කරමින් බොරු දත්ත වාර්තා ඉදිරිපත් කර ඇති බව ද හෙළිවෙමින් පවතී.

මෙහිදී වැදගත් ලෙස සිතා බැලිය යුතු අනෙක් කාරණය වන්නේ පානීය ජලය පවා මුහුදු ජලය ලවනහරණය කිරීමෙන් ලබාගන්නා සෞදිය වැනි රටක් මෙවැනි ව්‍යාපෘතියක් දියත් කිරීමේදී මුහුණදීමට වන සංකීර්ණ ගැටළු සහ එම සංකීර්ණතාවය නිසාම දරන්නට වන පිරිවැයයි.

මෙම ව්‍යාපෘතියේදී එක් පැලයක් සිටුවීමට ඩොලර් කිහිපයක් වැයවන නමුදු එම පිරිවැය ඩොලර් දෙකක් ලෙස ගණන් බැලුව ද පැල බිලියනයක් සිටුවීමට ඩොලර් බිලියන 20ක් වැයවේ. එම පැලයක් හරිත ආවරණ ශාඛයක් ලෙස වර්ධනය වනතෙක් වසර 05ක් රැක බලාගැනීමට වැයවන අති විශාල ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 100 කටත් වඩා ඉතා අධික වෙයි.
තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.france24.com/en/live-news/20210327-saudi-arabia-unveils-campaign-to-tackle-climate-change



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More