ඉන්දුනීසියාවේ රාජ්‍ය තෙල් සමාගමක් වන “පර්තමිනා” සමාගම (Pertamina) යටතේ පවත්වාගෙන යනු ලබන විශාලතම තෙල් පිරිපහදුව වන බැලොන්ගන් පිරිපහදුවේ එරට වේලාවෙන් අලුයම් කාලයේ ගින්නක් හටගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පුද්ගලයින් 5 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවට වාර්තා වන අතර ඉන්දුනීසියා බලධාරීන් ගිනි නිවන භටයින් යොදා ගින්න නිවා දැමීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටින අතරවාරයේ පිරිපදුව ආසන්නයේ පදිංචිකරුවන් 950ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.
ගින්නෙන් තුවාල ලබා ඇත්තේ, අසාන්න පදිංචිකරුවන් සහ මාර්ගයේ ගමන් කරමින් සිටි කිහිපදෙනෙකි.
ජකර්තා අගනුවර සිට කිලෝමීටර් 200ක් පමණ නැගෙනහිර දෙසට වන්නට ජාවා දූපතේ පිහිටා ඇති බැලොන්ගන් තෙල් පිරිපහදුව හෙක්ටයාර 340ක වපසරියක පිහිටා ඇති අතර ඉන් දිනකට තෙල් බැරල් 125,000ක් සකසනු ලබයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...