බ්‍රිතාන්‍ය පාළනය යටතේ “බර්මා” (Burma – බුරුමය) නමින් හැඳින්වූවද 1989 වසරේ සිට මියන්මාරය නමින් හඳුන්වන රාජ්‍යය 1948 ජනවාරි 04 දින බ්‍රිතාන්‍ය පාළනයෙන් නිදහස් වූවද 1962 සිට 2011 දක්වා පාළනය වූයේ “තත්මදව්” (Tatmadaw) නම්වූ හමුදා පාළනයකිනි.
කෙසේ වූවද 2011 වසරේ එරට හමුදා පාළනය බහු පක්ෂ පාර්ළිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අනුගත වෙමින් පවත්වන ලද මැතිවරණයෙන් අවුන් සාන් සුකී බළයට පත්වූ අතර ඉන් පසු 2020 නොවැම්බර් 08 දින පවත්වන ලද අවසාන මැතිවරණයෙන් ද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය (National League for Democracy) ජයග්‍රහණය කළ ද මැතිවරණ වංචා චෝදනා සහ හමුදා අනුග්‍රහය ලබන පක්ෂයට ලැබෙන පාර්ළිමේන්තු නියෝජනය පිළිබඳ දෙපාර්ශවය අතර ඇති වූ අර්බුද අවසානයේ මියන්මාරයේ පාළනය නැවතත් මෙම වසරේ පෙබරවාරි 01 දින හමුදාව යටතටම පත්කර ගන්නා ලදී.
කෙසේ වූවද 2017 වසරේ අගෝස්තු මස වනවිට එරට අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් විසින් බෞද්ධ භික්ෂූන් ද ඇතුළු බෞද්ධයින් විශාල පිරිසක් ඝාතනය කරමින් පොලිස් මුරපොල වල පොලිස් නිළධාරීන් ද ඝාතනය කරමින් ආරම්භ කළ ප්‍රචන්ඩත්වය අවසානයේ බටහිර රැකහින් (Rakhine) ප්‍රාන්තයේ රෝහින්ග්යා (Rohingya) මුස්ලිම්වරුන්ට එරෙහිව ඇතිවූ ගැටුම් වලදී මානව හිමිකම් උල්ලංඝණය වූ බවට වන බරපතළ චෝදනා එවකට රටේ පාළිකාව වූ අවුන් සාන් සුකීට එරෙහිව ද ඇමරිකාව සහ බටහිරයන් විසින් එල්ල කරන ලදී.
මෙම වසරේ පෙබරවාරි 01 දින සිට පාළනය තම අණසකට ගනිමින් වසරක හදිසි නීති තත්වයක් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව හටගත් විරෝධතා සහ ප්‍රචන්ඩ ක්‍රියා අවසානයේ එරට ඇමරිකානු සහ බටහිර ගැති කණ්ඩායම් විසින් තම රටට ඇමරිකානු මැදිහත් වීමක් කරණ ලෙස බයිඩ්න් පාළනයෙන් ඉල්ලා සිටීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ සංවිධානාත්මකව ඉතා අලුතින් ආරම්භ කරණ ලද ට්විටර් ගිණුම් රාශියක් හරහා මෙම ඉල්ලීම් ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබීමයි.
එයට අමතරව 2013 සිට පවත්වාගෙන යන තවත් එවැනිම ගිණුමකින් මියන්මාරයට බෝම්බ දමන ලෙසත් එරට හමුදාව පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාත්, ඔවුන්ගේ ඥාතීන්, හිතමිතුරන් ඇතුළු සියලු දෙනාත් සමූල ඝාතනය කරණ ලෙස ඉල්ලා ඇති අතර ඇමරිකානු උප ජනාධිපතිනී කමලා හැරිස් එයට ව්‍යංගයෙන් පිළිතුරු ලබා දී ඇති සැටියක් ද දැකිය හැකිය.
Any reason you are aware of why we aren't bombing Myanmar Military installations? https://t.co/afGszRGqeG
— Dick Hornbeam (@DickHornbeam) March 30, 2021
එයට සමගාමීව සංවිධානාත්මක විපක්ෂ කණ්ඩායම් විසින් ඊයේ (31) දින සිට රටේ මාර්ග වලට කුණු ගෙනැවිත් දැමීමට ජනතාව පොළඹවා රාජ්‍ය පාළනය අඩපණ කිරීමට උත්සාහ දැරීමක් ද දැකිය හැකිය.
මෙම සන්දර්භය තුළ මියන්මාරයේ ක්‍රියාකාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ එරටට “මානුෂීය මැදිහත්වීමක්” කරණ ලෙස ඉල්ලා ඇති බවත් එරට “සිවිල් ආරවුලක්” ඇති බවත් පවසමින් මියන්මාරයේ අත්‍යවශ්‍ය සේවාවන් නොවන රාජ්‍ය සේවකයින් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට රටින් පිටවන ලෙස ඇමරිකාව විසින් ඉල්ලීමක් ද කර ඇත.
තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/news/519655-us-evacuates-diplomats-myanmar/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඇමරිකාව මොන විදිහක ක්‍රියා මාර්ගයක් ගනීවිද යන්න එරට කොංග්‍රසය මොන අතට බර වේද යන්න අනුවයි. මහ ඡන්දය සඳහා අතිශය මුදලක් වැය වෙනවා. ඇමරිකාවේ වියත් සමාජය වන යුදෙව් ජාතිකයන් පුවත් සේවාවට තදින් බලපානවා. නමුත් ඡන්ද වැඩට වැඩියෙන්ම මුදලින් ආධාර දෙන්නේ ආයුධ නිෂ්පාදන ව්‍යාපාරය විසිනුයි. ආණ්ඩුව වැඩිවැඩියෙන් යුද්ධයට බර මේ අංශයේ බල කිරීම නිසයි. ඒ ප්‍රතිපත්තිය නොසලකා හැරියේ ලොවටම හාස්‍යයට ලක් වුන ට්‍රම්ප් ජනපති තුමායි. එතුමා ටැලිඛෑන්වරුන්ට කිව්වා ඇෆ්ගනිස්ථාන රජය සමග සාම සාකච්ඡා කරන්න කියා. ඇමරිකන්වරු 85%ක් ඉල්ලූ බර්ටි සෑන්ඩර්ස්ව තම අපේක්ෂකයා නොකර කපටි ක්ලින්ටන් මැතිණිය ඉදිරිපත් කලේ ඩෙමොක්‍රැටික් පක්‍ෂ පාලන කමිටුවයි. ඒ නිසාම ජනයා ඡන්දය දීමෙන් වැලකී සිටියා. ඒ නිසයි ට්‍රම්ප් දිනුවේ. සෑන්ඩර්ස් යුද්ධයට විරුද්ධ ප්‍රතිපත්ති දරන්නෙකි. ඉතිං යුද්ධය ආලය කරන්නේ ජනතාවද, ආයුධ කර්මාන්තයද? කව්ද නොදන්න රටක නොදන්න සටනකට ගිහිං නොමලත් අත් කකුල් කපාගන්න කැමති? ට්‍රම්ප් විහිළු නළුවෙක් හැටියට හුවා දැක්වුවේ අයුධ හා පුවත් සේවා සංධානය එකතුව කල කුමන්ත්‍රණය නිසයි.