ඇමෙරිකාවේ, වොෂින්ටන් ඩී.සී. හි කැපිටල් ගොඩනැගිලි සංකීර්ණය අසළ එල්ලවූ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමෙන් සැකකරු ද මියගොස් තිබේ.
මෝටර් රථයක් ආරක්ෂක මුර පොළක් වෙත කඩා වැදීමට සලස්වමින් එහි සිටි රියැදුරා පිහියක් අතැතිව පොලිස් නිලධාරීන් වෙත කඩා පැන එම ඝාතනය සිදු කර තිබේ.
මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කරයි.
ඝාතනය සිදු කළ සැකකරු 25 හැවිරිදි වියේ පසුවන අතර ඔහු පිළිබඳ අමෙරිකාවේ කිසිදු පොලිස් ස්ථානයක තොරතුරු සටහන්ව නොමැති බව ද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...