උතුරු පලාත් සභාවේ අමාත්‍යවරියෙක් විසින් යුද්ධය අවසන්වූ මැයි 18 වන දිනය “ජාතික සංහාර දිනයක්” ලෙස නම් කිරීමේ යෝජනාව ගැන අද (16) පැවති කැබිනට් රැස්වීමේදී මාධ්‍යවේදීන් විසින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ගෙන් විමසීමක් කළා. එහිදී ඇති වුයේ උණුසුම් තත්ත්වයක්.
එහිදී රාජිත සේනාරත්න කියා සිටියේ මෙතෙක් ජනතා විමුක්ති පෙරමුණත් මේ දක්වා සෑම වසරකදීම සිය මියගිය සාමාජිකයින් සමරමින් විරු සැමරුම් පැවැත්වූ බවයි. යුද්ධයේදී මියගිය පුද්ගලයින් අපට ත්‍රස්තවාදීන් ලෙස පෙනුනත් උතුරේ ජනතාවට ඔවුන් පෙනෙන්නේ තමන්ගේ මවුපියන්, සහෝදර සහෝදරියන් ලෙසින් බවයි.
අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් කියා සිටියේ උතුරේ මිය ගියෙත් අපේ දරුවන් බවත් රජයේ පැත්තෙන් මියගියෙත් රටේ දරුවන් බවයි. එහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාට කියා සිටියේ එල්ටිටිඊය ත්‍රස්තවාදී සංවිධානයක් බවයි. එහිදී අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණද ත්‍රස්තවාදී සංවිධානයක් බවත් ඔවුන්ද මෙරට තහනම් සංවිධානයක් ලෙස කලක් පැවති බවයි.
මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ මෙම රජය බලයට පත්වීමෙන් පසු මැයි 18 වෙනිදා පවත්වාගෙන ආ “රණවිරු සැමරුම” නතරවූ බවයි. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ රණවිරුවන් අතින් ඝාතනය වුනේ මෙරට දරුවන් බවයි, සහජීවනය ගැන සිතා එම සැමරීම නතර කල බවයි.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජයවීර මහත්තයා සහ කොටි සංවිධානයේ ප්‍රභාකරන් මහත්තයා විසින් සිදුකල අපරාධවල වෙනස ගැන පැහැදිලි කරන්නැයි මෙහිදී අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍යවේදීන්ට අභියෝගයක්ද එල්ල කළා.
මේ එම සිදුවීම ඇතුලත් සම්පුර්ණ වීඩියෝව පහතින්
විජේවීර මහත්තයයි ප්‍රභාකරන් මහත්තයයි කරපු දේවල්වල වෙනසක් නෑ-ඇමති රාජිත
විජේවීර මහත්තයයි ප්‍රභාකරන් මහත්තයයි කරපු දේවල්වල වෙනසක් නෑ..යුද්ධ කරද්දී ඕනෑම හමුදාවක් අතින් අහිංසක මිනිස්සු ඝාතන වෙනවාවිරුවෝ කියන අය අතින් මැරුනේ අපේම දරුවන්..-කැබිනට් හමුවේදී ඇමති රාජිත කියයි
Gepostet von Neth FM am Mittwoch, 16. Mai 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...