71දි එක පරම්පරාවක් අහිමි උණා.. 88/89 තව පරම්පරාවක් නැති උණා.. ඒ නැතිවෙන්නෙ මෙරට තාරුණ්‍ය ඇතුළෙ බිහිවුණු විශිෂ්ටතම පරම්පරා දෙකක්..
පුද්ගලික සිහින වෙනුවෙන් දේශපාලනය නොකළ, පොදු අරමුණක් වෙනුවෙන් කරන්න පුලුවන් ඉහළම පරිත්‍යාගය කරපු පරම්පරා දෙකක්.. රස්සාවක් ගන්න, පුතා ඉස්කෝලෙට දාගන්න, ආණ්ඩුවෙන් ඉඩං කෑල්ලක් ගන්න වගේ ඒක පුද්ගල ජීවිතයක් වෙනුවෙන් දේශපාලන නොකළ පරම්පරා දෙකක්.. උන්ට තිබුණෙ සාමූහික දේශපාලන උවමනාවක්.. උන් දැනගෙන හිටිය මේ අප ගතකරන නරුම මොහොත උදා වෙන බව.. උන් කලින් ඇහැරුනෙ ඒකයි..
ඒ පරම්පරා දෙක අහිමි වුණු මේ මොහොතෙ අපි ඉන්නෙ අශිෂ්ටත්වය හැම තැනම මහ ගස් වෙච්ච පොළොවක.. එදා විජේවීරට තිබුණු අභියෝග වලට වඩා විශාල අභියෝග රැසක් එක්ක ඉස්සරහට යන්න වෙලා.. එදා හිටපු දැනුවත් දේශපාලන තරුණයා වෙනුවට බහු භාණ්ඩික ජීවිතයට පුරුදු කරමින් ඉන්න තරුණයෙක් පේන්නෙ.. ඌට සාමූහික සමාජ අභිලාශයන් ගැන අදහසක් නෑ.. අර්ථ ක්‍රමය ඇතුළෙ කොඳු කඩපු චින්තනය මොට කරපු එකෙක් ඉන්නෙ.. ඌට විමුක්තිය කියන්නෙ බය හිතෙන වචනයක්..
ඉතිහාසය කියල උන් දන්නෙ එක්කො රාවණා ගැන එක්කො දුටුගැමුණු ගැන ලියවිච්ච වීර කතා.. ඉන් මෙපිට මේ රටේ ඉතිහාසය ගැන හැදෑරීමක් නෑ.. මේ විකෘතිය එක්ක නිර්වින්දනය වූ පරපුරක් නෙවෙයි විජේවීරගෙ යුගයෙ හිටියෙ.. ඒකයි මම කිව්වෙ එදාට වඩා සාමූහික සටන් වලට මේ තරුණයො ගේන එක තමයි බරපතල ම අභියෝගය කියල..
ඒත් ඒක ජය නොගතහොත් මේ පරපුර ඉතිහාස ගත වෙන්නෙ විනාශය සියතින් කැඳවාගත් නිවට පරපුරක් හැටියට..
රවී සිරිවර්ධන
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...