ප්‍රමිතිය සහ වස විසෙන් තොර ආහාර
වස විසෙන් තොර ආහාර ජනතාව වෙත ලබාදීමට දියුණු රටවල් වල ක්‍රියාත්මක වන ආහාරමය ප්‍රතිපත්ති (policies) ඉවහල්වේ. එහෙත් ලංකාවේ එලෙසට යාවත්කාලීන (updated) නොවූ ප්‍රතිපත්ති, නීතිය (law) සහ පවතින ප්‍රමිතියන්හී (standards) අඩුපාඩු අප දැක තිබෙනවා.
මෙයට විසඳුමක් ලෙස නීතිය බලාත්මක කිරීම් අත්‍යවශ්‍ය වෙනවා. විවිධාකාර නිෂ්පාදන වල ප්‍රමිතිය යාවත්කාලීන කිරීම ප්‍රමිති ආයතනයේ එක් කාර්යභාරයක් වේ.
එමෙන්ම නුසුදුසු නිෂ්පාදන තහනම් කිරීමේ බලතල ප්‍රමිති ආයතන සතුව නොමැත. රටක ප්‍රමිති ආයතනය හි කාර්යභාරය වන්නේ රටේ කර්මාන්ත සහ ජනතාව යන දෙපාර්ශවයේම සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියා කිරීමයි.
ප්‍රමිතියෙන් බාල නිෂ්පාදන පිළිබඳව නීතිමය කටයුතු කිරීමට සහ ජනතාවගේ යහපැවැත්මෙහි සුරක්ෂිතතාවය තහවුරු කිරීමට රටේ නීතියෙන් බලාත්මක වී ඇත්තේ රේගුව (Customs), පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA), සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) වැනි ආයතනයන්ය.
යම් පරීක්ෂණයක ප්‍රතිඵල (test results)පරීක්ෂණයේ අවම හඳුනාගැනීමේ මට්ටමට (minimum detectable limit) වඩා අඩු වූ අවස්ථාවක එය පිරිවිතරයන්ට අනුකූලව ඇති හෝ නැති බවට නිගමනය කෙරේ. (සමහර අවශ්‍යතා පැවතිය යුතු අතර සමහර අවශ්‍යතා නොපැවතිය යුතු වේ) එසේ නොවන අවස්ථාවල පරීක්ෂණයේ පිරිවිතරයන්ට අනුකූලව නොවේ යැයි නිගමනය කරනු ලැබේ.
අවම හඳුනා ගැනීමේ මට්ටම පරීක්ෂණ ක්‍රමවේදය (test method), උපකරණයේ සංවේදීතාවය (sensitivity of the instrument ) වැනි කරුණු රාශියක් මත රඳා පවතී. ප්‍රමිති සහ පිරිවිතර සැකසීමේදී ප්‍රාමාණික උගතුන් කර්මාන්ත කරුවන්, නියාමන අධිකාරීන් ඇතුළු කමිටු කිහිපයක් හරහා එය අනුමත වී ප්‍රකාශිතය.
චුට්ට චුට්ට වස කැවීම නොවිය යුතු දෙයක් වුවද එය වලක්වා ගැනීමට රටක් වශයෙන් අප අසමත් ය. එමෙන්ම කර්මාන්ත කරුවා පවතින නීතියෙන් නිසිලෙස නියාමනය විය යුතුය. නීතියේ අඩුලුහුඬුතා හේතුවෙන් පැනනැගුන ගැටළු වලට ආයතන ( institutes) හෝ තනි නිලධාරීන් අපහසුතාවයට පත් නොකල යුතුය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...