ප‍්‍රධාන පුවත්

ඊශ්‍රායලයේ ප්‍රමුඛතම සෞඛ්‍ය පහසුකම් සපයන ආයතනයක් වන Clalit Health Services ආයතනයේ ද සහභාගිත්වයෙන් ටෙල් අවීව් (Tel Aviv) විශ්ව විද්‍යාලය විසින් සිදු කරණ ලද පරීක්ෂණයක ප්‍රතිඵල සියලු දෙනාම පුදුමයට පත් කරවමින් පෙන්වාදී ඇත්තේ කොවිඩ් 19 දකුණු අප්‍රිකානු ප්‍රභේදය ෆයිසර් බයෝ එන් ටෙක් (Pfizer BioNTech) එන්නත මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට පවා වැළඳීමේ ප්‍රවණතාවය (5.4%) එම එන්නත ලබා නොගත් පුද්ගලයින්ට වැළඳීමේ ප්‍රවණතාවයට (0.7%) වඩා 8 ගුණයකින් වැඩි බවයි.

ෆයිසර් එන්නත ලබාගත් මෙන්ම ලබා නොගත් දකුණු අප්‍රිකානු ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් 400 දෙනෙකු යොදා ගනිමින් සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵල මගින් මෙය පෙන්වාදී තිබේ.

මෙම තත්වයට හේතුව කොවිඩ් 19 දකුණු අප්‍රිකානු ප්‍රභේදය එන්නතේ ඇති ප්‍රෝටීන බිඳහෙලීමට සමත්වීම බවට මෙම පර්යේෂණ කණ්ඩායමට සම්බන්ධ ටෙල් අවීව් විශ්ව විද්‍යාලයේ අඩි ස්ටර්න් (Adi Stern) මත පළකරයි.

මෙය සජීවී දත්ත අනුසාරයෙන් එළිදැක්වී ඇති ලොව ප්‍රථම ප්‍රතිඵලයක් බවත් ෆයිසර් එන්නත දකුණු අප්‍රිකානු ප්‍රභේදය හමුවේ අසාර්ථක වී ඇති බව මින් පෙන්නුම් කරණ බවත් ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය රැන් බැලිසර් (Ran Balicer) පවසයි.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.theepochtimes.com/mkt_morningbrief/ccp-virus-variant-affects-vaccinated-people-more-than-unvaccinated-people-study_3770982.html



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More