පසුගිය කාළය තුළ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍ය විසින් රුසියාවට එරෙහි විවිධ ක්‍රියාකාරකම් කරමින් තර්ජනාත්මක ලෙස කටයුතු කර මින් ඇමරිකානු යුධ නැව් දෙකක් එම කළාපයට එවීමට ද කටයුතු කළේය.
ඒ අතරතුර රුසියාව විසින් යුක්‍රේනය සහ ක්‍රිමියාව ආසන්නයේ තම හමුදා බළය වැඩි කරමින් ඉහළ මට්ටමේ යුධ අභ්‍යාස කිහිපයක් තම කළාපයේ සිදු කරණ ලදී.
එවිට ඇමරිකාව විසින් එවමින් සිටි යුධ නැව් දෙක තුර්කියෙන් ඔබ්බට ඉදිරියට නොයන බවට නේටෝ සංවිධානයේ රටක් වන තුර්කිය විසින් නිවේදනය කළ අතර ඉන් නොනැවතුණු බයිඩ්න් පසුගිය අඟහරුවාදා (13) දින පුටින්ට දුරකථන ඇමතුමක් දෙමින් දෙදෙනා අතර පෞද්ගලික හමුවක් තුන්වන රටක් තුළ පැවැත්වීම සඳහා පුටින්ට ආරාධනය කිරීමට ද පියවර ගත්තේය.
නමුත් අද දින ක්‍රෙම්ලිනය නිවේදනය කර සිටියේ එම හමුව නුදුරු අනාගතයේ නොපැවත්වෙනු ඇති බවයි.
මෙම සමස්ථ සිද්ධිදාමය පිළිබඳව විශ්ලේෂණාත්මකව අදහස් දක්වන විද්වතුන් කිහිප දෙනෙක් ලංකා ලීඩ් නිව්ස් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඇමරිකාව විසින් 1990 දශකය ආරම්භයේ සිට හිරු නොබසින අධිරාජ්‍යක් ලෙස ලෙලවමින් තිබූ ගිනි සිළුව බයිඩ්න් පාළනය යටතේ නිවී යමින් පවතින බවට නිමිති පහලවෙමින් ඇති බවයි.
තොරතුරු පහත ලින්ක්වලින්
https://www.rt.com/russia/520928-biden-invites-putin-summit/
https://www.rt.com/russia/521108-putin-biden-meeting-cancelled/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...