ප‍්‍රධාන පුවත්

අතීතයේ පටන් උච්චාවචනය වෙමින් පැවති රුසියානු – ඇමරිකානු ද්විපාර්ශවීය සම්බන්ධතා මෙම වසරේ ජනවාරි 20 දින බයිඩ්න් ජනාධිපති වූවායින් පසු තවත් පිරිහෙන තත්වයක් මෙන්ම ඒ පිළිබඳ ඇමරිකානු පිළිවෙත්හි සහ ක්‍රියාකාරකම්හි යම්කිසි විහිළුකාරී ස්වභාවයක් ද පසුගිය කාළය තුළ දක්නට ලැබුණි.

රුසියාවේ ප්‍රධාන විපක්ෂ ක්‍රියාකාරිකයෙකු වන ඇලෙක්සි නවාල්නිට එරෙහිව තිබූ දූෂණ චෝදනා ඔප්පු වීමෙන් අනතුරුව ඔහු සිරගත කිරීමට එරට අධිකරණය තීන්දු කිරීම සහ එය අළලා සිදුවූ සිද්ධීන් ද පාදක කරගනිමින් ඇමරිකාව විසින් රුසියාවට එරෙහි විවිධ මානව හිමිකම් චෝදනා එල්ල කරමින් හැසුරුනු ආකාරය පසුගිය මාස කිහිපය තුළ දක්නට ලැබුණි.

එයටම සමගාමීව ඇමරිකානු රජයේ තොරතු දත්ත ආරක්ෂණ මෘදුකාංග නිෂ්පාදකයා වන සෝලාර් වින්ඩ් (SolarWind) ආයතනයේ ආරක්ෂණ මෘදුකාංග පද්ධතියට රුසියානු හැකර් වරුන් විසින් පහර දෙමින් එය අවභාවිතා කළේ යැයි ද එල්ල වූ චෝදනාව ලොව පුරා සිටින පුද්ගලයින් ප්‍රශ්ණ කර තිබුනේ බිල් ගේට්ස් ඇතුළු ලොව සුපිරි ගණයේ තොරතුරු තාක්ෂණවේදීන් සිටිනවායයි කියන ඇමරිකාව වැනි රටක එවැනි අධිසංවේදී තොරතුරු පද්ධතියක් බාහිර රටක හැකර්වරුන් විසින් අවභාවිත කරමින් විනාශ කරායැයි පැවසීමම ලැජ්ජාවට කරුණක් මෙන්ම විහිළුවක් නොවන්නේද? යන්නයි.

එමෙන්ම පසුගිය ඇමරිකානු ජනධිපතිවරණයේදී බයිඩ්න්ගේ ප්‍රතිවාදියාවූ හිටපු ජනාධිපති ට්‍රම්ප්ට වාසිදායක මත ප්‍රචාරය කිරීමට රුසියාව ක්‍රියාකරා යයි කිසිදු සාධනීය සාක්ෂියකින් තොරව නගන චෝදනාව ක්‍රෙම්ලිනය විසින් ඉතා අවඥාදායක ලෙස ප්‍රතික්ෂේප කරන ආකාරය ද පසුගිය කාළය පුරාවටම දක්නට ලැබුණි.

කරුණු මෙසේ පවතිත්දී බයිඩ්න් විසින් කිසිදු රාජ්‍යතාන්ත්‍රිකයෙකු නොකළ යුතු ආකාරයට “ඝාතකයා” යනුයෙන් පුටින්ට චෝදනා කරමින් රුසියානු තානාපති නිළධාරීන් පිරිසකට රටින් පිටවන ලෙස නියෝග කිරීමේ සිද්ධියේදී පුටින් ඇතුළු ක්‍රෙම්ලින බළධාරීන් ක්‍රියා කළ ඉවසිලිවන්ත මෙන්ම රාජ්‍යතාන්ත්‍රික ස්වභාවය ලොව පුරා පැසසුමට ලක්විය.

මෙසේ සිදුවීම් පෙළගැසෙද්දී රුසියාව යුක්‍රේන සහ ක්‍රිමියාව ආසන්නයේ තම හමුදා ශක්තිය වර්ධනය කරමින් තම කළාපයේ දැවැන්ත යුධ අභ්‍යාසයන් පැවැත්වීම ආරම්භ කළ විට ඇමරිකාව විසින් නේටෝ සංවිධානයේ එකඟත්වන් ද නොසළකා තම යුධ නැව් දෙකක් කලු මුහුද කළාපයට එවීමට ක්‍රියා කළ ද එම නැව් තුර්කියේදී ආපසු හරවා ගත් ආකාරය ද ජාත්‍යන්තර මාධ්‍ය වල පසුගිය දිනවලදී පළ විය.

ඉන් අනතුරුව පසුගිය අඟහරුවාදා (13) දින බයිඩ්න් විසින් පුටින්ට දුරකථන ඇමතුමක් දෙමින් තුන්වන රටකදී පෞද්ගලික හමුවක් සඳහා කළ ආරාධනය ද රුසියාව විසින් එතරම් මායිම් නොකර ඉවතලා තිබුණේ රුසියාවට එරෙහි නව සම්බාධක පිළිබඳව කතා බහක් ඒ වනවිටත් ඇමරිකාව විසින් ආරම්භ කර තිබීමේ පසුබිමක් යටතේය.

ආසන්නතම සිද්ධීන් පෙළගැස්මේ නවතම පුවත වන්නේ ඊයේ (15) දින බයිඩ්න් විසින් රුසියාවට එරෙහි නවතම සම්බාධක පණවමින් රුසියානු තානාපති නිළධාරීන් 10 දෙනෙකුට රටින් පිටවන ලෙස කරණ ලද නියෝගයට රුසියාව විසින් ප්‍රතිචාර ලෙස රුසියාවේ ඇමරිකානු තානාපති ජෝන් සලිවන් (John Sullivan) සාකච්ඡාවක් සඳහා රුසියානු විදේශ අමාත්‍යාංශයට කැඳවා ඇති අතර එය ඔහුට එතරම් සුහද සාකච්ඡාවක් නොවනු ඇති බවත් ඇමරිකාවට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ගැනීම නොවැළැක්විය හැකි කරුණක් බවත් රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මරියා සකරෝවා (Maria Zakharova) ප්‍රකාශ කර තිබේ.

කරුණු මෙසේ දිග හැරෙද්දී “උදයට කණට ගසා හවසට සමාව ඇයදීමේ” න්‍යාය අනුගමණය කරමින් සාකච්ඡාවක් සඳහා වන යෝජනාවක් බයිඩ්න් විසින් නැවතත් රුසියාවට ඉදිරිපත් කර තිබේ.

තොරතුරු පහත ලින්ක් වලින්
https://www.rt.com/russia/521185-biden-speech-russia-diplomacy/

https://www.rt.com/russia/521148-us-sanctions-national-debt-retaliation/



One thought on “උදයට කණට ගසා හවසට සමාව ඇයදීමේ බයිඩ්න්ගේ කූටෝපක්‍රම න්‍යාය”

  1. පූටින්ගේ අවුරුදු 21ක ඒකාධිකාරී රජය අසල්වැසි ප්‍රජාතන්ත්‍රවාදී රටවල බහුතර ජනතාවගේ කැමැත්ත මත ක්‍රියාත්මක වන චන්ද ක්‍රමයට මෙන්ම එම රටවල දේශසීමාවලටද විශාල තර්ජනයක් වී තිබේ. කුඩාරටවල ආරක්‍ෂාව හා ස්වාදීනත්වය රැකීමට බිහිවී ඇති ජාත්‍යන්තර නීතිය නොසළකා ආයුධ බලයෙන් යුක්‍රේනයේ ක්‍රිමියා අර්ධද්වීපය අත්පත්කර ගැනීමට පෙර රුසියානු හමුදා මොල්දෝවා රාජ්‍යයේ කොටසක්ද​, ජෝර්ජියා රාජයේ කොටසක්ද යටත්කරගැනීම රුසියාවේ පිරිහීමට මුලපුරා තිබේ. රුසියානු භාශාව කථාකරන්නන්ගේ ආරක්‍ෂාව සදහා යැයි බොරු චෝදනා කරමින් අසැල්වැසි රටවලට කඩාවැදීමෙන් දහස්ගනන් ජනතාව මියයාම හිට්ලර්ගේ නාසි ප්‍රතිපත්ති වලට සමාන කල හැකිය​. මා අවුරුදු 35ක් යුක්‍රේනයේ ජීවත්වන රුසියන් භාශාව කථාකරන්නකු ලෙස පූටින් ගේ ක්‍රියා කලාපය තරයේ හෙලාදකිමි. බටහිර යුරෝපයේ මෙන්ම නැගෙනහිර යුරෝපා රටවල්ද මා මෙන්ම එකසේ පූටින් ගේ ප්‍රතිපත්ති හෙලාදකිති.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More