ප‍්‍රධාන පුවත්

2011 වසරේ ජපානයට ඇතිවූ “සුනාමි” යෙන් දැඩි හානියට පත්වූ ෆුකුෂිමා න්‍යෂ්ඨික විදුලි බලාගාරයේ විකිරණශීලී මූලද්‍රව්‍ය අඩංගු අප ජලය ටොන් මිලියනයකට අධික ප්‍රමාණයක් පානය කළ හැකි මට්ටමට පිරිසිදු තත්වයේ ඇති බවට ජපාන නියෝජ්‍ය අගමැති තාරෝ ආසෝ ප්‍රකාශ කරමින් මුහුදට මුදාහැරීමට තීරණය කිරීම අභියෝගයට ලක් කරමින් චීන විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක ලියෑන් සාඕ ජපාන නියෝජ්‍ය අගමැතිවරයාට පවසා ඇත්තේ එසේ නම් එම වතුර බීලා පෙන්වන ලෙසයි.

වැඩි දූරටත් ඒ පිළිබඳව ට්වුටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු අදහස් දක්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අණුගමනය කරන ඇමරිකාව ජපානයේ එම ක්‍රියාව අනුමත කරනවා යයි ප්‍රකාශ නිකුත් කරන්නේ නම් ඒ පිළිබඳව පූර්ණ වගකීම දැරීමට ඇමරිකාව සූදානම් විය යුතු බවත් සාගරය යනු ජපානයේ කුණු දමන කුණු වලක් නොවන බවත්ය.

මේ අතර මේ සම්බන්ධයෙන් දකුණු කොරියාව ද ප්‍රතිචාර දක්වමින් එරට ජපාන තානාපතිවරයා කැඳවා දකුණු කොරියාවේ දැඩි විරෝධය ප්‍රකාශ කරමින් මෙය තනිකරම වගකීම් විරහිත පිළිගත නොහැකි ක්‍රියාවක් බව නිවේදනය කර තිබේ.

රුසියාව ද චීනය සහ දකුණු කොරියාව සමග එක්වෙමින් දැඩි ප්‍රතිචාර දක්වා ඇති අතර ජපානය මේ පිළිබඳව කරන විග්‍රහය ප්‍රමාණවත් නොවන බවත් මෙයට වඩා විනිවිදභාවයකින් ඔවුන් කටයුතු කළයුතු බවටත් රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මරියා සකරෝවා පවසයි.

එමෙන්ම මින් පැසිෆික් සාගරයට වන බළපෑම පිළිබඳ පරිසර තත්ව වාර්තාවක් ලබාදීම ජපානය විසින් පැහැරහැර ඇති බවට ද ඇය ජපානයට චෝදනා කර තිබේ.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් වලින්

http://www.washingtonpost.com/world/2021/04/14/china-japan-fukushima-water-drink/

https://www.reuters.com/business/environment/countries-react-japans-plans-release-fukushima-water-into-ocean-2021-04-13/

https://www.businessinsider.com/russia-japan-plans-fukushima-wastewater-nuclear-south-korea-china-2021-4

 

</a



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More