ප‍්‍රධාන පුවත්

ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් 1953 වසරේ ජුලි 26 දිනෙන් ඇරඹී 1959 ජනවාරි 01 දින ජයග්‍රහණයෙන් නිමවූ “කියුබානු විප්ලවයේ” ගමන් මගේ තවත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් 2018 වසරේ කියුබාවේ ජනාධිපති ධූරයට පත් වූ මිගෙල් ඩයස් කැනල්ට (Miguel Diaz-Canel) කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධූරය පිරිනැමීමට රාවුල් කස්ත්‍රෝ විසින් තීරණය කරනු ලැබ තිබේ.

ඊයේ (16) දින ඇරඹි අටවන පක්ෂ කොංග්‍රස් සම්මේලනයේදී මෙය සිදු කරන බව 2016 වසරේදී පැවැත්වූ පක්ෂයේ හත්වන කොංග්‍රස් සම්මේලනයේදී රාවුල් කස්ත්‍රෝ විසින් නිවේදනය කර තිබුණි.

90 වියැති පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ජොසේ රමෝන් මචාඩෝ (josé Ramón Machado) ද මෙයට සමගාමීව ඉල්ලා අස්වනු ඇති බවත් නිවේදනය කර තිබේ.

මෙය විප්ලවයේ නව පරම්පරාවකට බළය හුවමාරු කිරීමක් වනු ඇති අතර කියුබාවේ අනාගත ඉරණම පිළිබඳ තීරණාත්මක සංධිස්ථානයක් වනු ඇති බවත් විචාරකයින් අදහස් දක්වා ඇත.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rfi.fr/en/international/20210416-raul-castro-retires-as-communist-party-chief-ending-an-era-for-cuba

</a



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More