පසුගිය 16 වන සිකුරාදා දින, චීන ජනාධිපති ක්සී ජින් පින් විසින් ප්‍රංශ ජනාධිපති එමානුඑල් මැක්‍රන් සහ ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් අතර දුරස්ථ සන්නිවේදන මාර්ගගත සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී ගෝලීය කාළගුණ විපර්යාසයන්, චීන යුරෝපා මිත්‍රත්වය, වසංගත කළමනාකරණය මෙන්ම ප්‍රධාන ජාත්‍යන්තර සහ කළාපීය ගැටළු යන කරුණු වලදී සහයෝගීතා ක්‍රියාකාරිත්වයන් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා වී ඇති බව වාර්තාවේ.
අත්දැකීම් සහ සම්පත් බෙදා හදා ගනිමින් මනුෂ්‍යත්වය වර්ධනය කිරීම අරමුණු කරගත් ප්‍රජාවන් අනාගත සඳහා බිහි කිරීම වෙනුවෙන් මෙන්ම ප්‍රංශය සහ ජර්මනිය අතර සහයෝගීතාවය වර්ධනය කරගැනීමට අමතරව ගෝලීය කාළගුණ විපර්යාසයන්හි බළපෑම කළමනාකරණය වෙනුවෙන් තමා පෙනී සිටින බව චීන ජනාධිපති එහිදී පවසා ඇත.
සංවර්ධනය වන ලොව විශාලතම රටක් ලෙස තම රටින් සිදුවන ඉහළ කාබන් විමෝචනය වසර 2060 වනවිට කාබන් මධ්‍යස්ථ රටක් බවට පත් කිරීම ඉලක්ක කරගත් වැඩපිළිවලවල් ඉතා අසීරු වුවද මොන්ට්‍රියල් ගිවිසුමේ කිගාලි සංශෝදන වලට අනුකූලව ඒවා ක්‍රියාත්මක කරණ බවට තම රට අධිෂ්ඨාන කර ඇති බවට තමා නිවේදනය කර සිටින බව ද ඔහු එහිදී පවසා තිබේ.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://english.cctv.com/2021/04/17/ARTIW2VHqqAatCGhWFm0QsXw210417.shtml
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...