ප‍්‍රධාන පුවත්

මැයි 09 වන දින, බෙලරුසියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ (Alexander Lukashenko) ඇතුළු ප්‍රධාන බළධාරීන් අවම වශයෙන් 30 දෙනෙකු පවුල් පිටින් ඝාතනය කර බෙලරුසියාවේ බළය ඇමරිකානු හිතවාදීන් කණ්ඩායමක් අතට පත් කිරීමේ ඇමරිකානු රහසිගත සැලසුමක තොරතුරු පසුගිය සෙනසුරාදා (17) දින හෙළිදරව් වී ඇති බව එරට ජාතික සන්නිවේදන නාළිකා විසින් නිවේදනය කර තිබේ.

පසුගිය සතියේ මෙයට අදාල බෙලරුසියානු විපක්ෂ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු එරටදී මෙන්ම රුසියාවේදී ද අත් අඩංගුවට ගෙන තිබුණි.

සැලැස්මේ ප්‍රබළයින් දෙදෙනෙකු වන දේශපාළන විශ්ලේෂකයකු සහ නීතීඥයකු රුසියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව රුසියානු ඔත්තු සේවා ඊයේ (18) ඉරිදා දින වාර්තා කර තිබේ.

දෙවන ලෝක යුද්ධයේදී බෙලරුසියාව නාසි වරුන්ගෙන් මුදාගැනීම සිහි කරමින් මැයි 09වන දින පැවැත්වීමට නියමිත හමුදා පෙරෙට්ටුවේදී බෙලරුසියාවේ නායකත්ව මණ්ඩළය සම්පූර්ණයෙන්ම වාගේ ඝාතනය කරමින් රටේම විදුලිය විසන්ධි කර රහසිගත තැන්වල ස්ථානගත කර සිටින සන්නද්ධ කැරළිකරුවන්ගේ ක්‍රියාකාරිත්වයෙන් මුළු රටේම බළය අල්ලාගැනීම සැළැස්ම වී තිබූ බව රුසියානු ඔත්තුසේවා හෙළිදරව් කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් රුසියානු ජනාධිපති පුටින් පවසා ඇත්තේ බෙලරුසියාවේ විපක්ෂය පිටුපස විදේශ රටවල් ක්‍රියාත්මක වන බවත් පැරණි සෝවියට් දේශයේ ද විපක්ෂ ක්‍රියාකාරීන් පිටුපස විදේශ බළවේග ක්‍රියාත්මක වූ බවත්ය.

කෙසේ වුවද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් තණතුරෙන් ඉවත්ව යෑමට බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ එකඟ වී ඇති බවද මාධ්‍යවේදීන් අමතා පුටින් ප්‍රකාශ කර තිබේ.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.rt.com/russia/521391-belarus-lukashenko-assassination-plot/



One thought on “බෙලරුසියාවේ ජනාධිපති ඝාතනය කර බළය ඩැහැගැනීමේ ඇමරිකානු කුමන්ත්‍රණය රුසියානු ඔත්තු සේවා හෙළිදරව් කරයි”

  1. මීටින් එකකට කියල රුසියාවට පෝලන්තයෙන් ගෙන්නගෙන තම දේශපාළන තරගකරුවකු හිරේට ගත්තෙ කුමන්ත්‍රණ කරුවෙක් කියල​. මේව ගේම්, ලුකශෙන්කොට බලේ රැදිල ඉන්න රුසියාවෙ උදවු ඇතිව කරන වැඩ​. ඒකාධිපති පාලකයන්ගෙ ගේම්. ඇමෙරිකාව ගාවගෙන තින්නෙ බොරුවට​.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More