1.පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ලෙස චෝදනාවලට ලක්වන සියලු පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුට ගැනීම සහ පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීම.
2.පාස්කු ප්‍රහාරයට පසුව මුස්ලිම් පල්ලි ආශ්‍රිතව සොයා ගනු ලැබූ 6000 කට ආසන්න කඩු තොගය පිළිබද නිසි පරික්ෂණයක් සිදුකොට නීති විරෝධි ක්‍රියාවන්ට දායක වූ සියලු දෙනාට එරෙහිව තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කිරිම.
3. මද්‍රසා පාසල් ඉස්ලාම් මව්ලවිවරුන් පුහුණු කිරීම සඳහා පමණක් සීමාකළ යුතු අතර ඒවාට ඇතුළත්වීමේ වයස අවුරුදු 16ට වැඩි විය යුතු බවට සීමාවක් පැනවිය යුතුය.දැනට මද්‍රසා පාසල්වල ඉගෙනුම ලබන දරුවන් පොදු අධ්‍යාපන පද්ධතියට ඇතුල්කර ගත යුතුය.
4. මක්තබ් ඉගැන්වීමේ ක්‍රියාවලිය අහෝසි කිරීම
5. පාසල්වල ඉස්ලාම් පෙලපොත් සංස්කරණය සහ නියාමණය සඳහා බහුපාර්ශවීය නියෝජනය සහිත විද්වත් කමිටුවක් පත්කිරීම.
6. සෑම දරුවෙකුටම ජාති ආගම් බේදයකින් තොරව පොදු අධ්‍යාපනය අවුරුදු 16 වන තුරු අනිවාර්ය කිරීම සහ විෂය මාලා ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතියට යටත් කිරීම
7. ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණය වන ඇඳුම් ඇදීම තහනම් කිරීම (බුර්කාව සහ නිකාබය)
8. වයස අවුරුදු 18ට අඩු විවාහයන් නීති විරෝධී බවට පත්කළ යුතු අතර විවාහයේ නෛතික අයිතිය දෙපාර්ශවයටම ලැබෙන පරිදි අදාල නීති සංශෝධනය කිරිම. එම ක්‍රියාවලිය තුළ කාති උසාවි අහෝසි කළ යුතු අතර සැමට සමාන විවාහ නීතියක් සහතික කිරීම.
9. ජාතික සයිබර් ආරක්ෂණ පනත, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා පනත, රාජ්‍ය නොවන සංවිධාන නියාමන පනත, ආගමන විගමන පනත අදී පනත් සංශෝධනය කිරීම මගින් ඉස්ලාම් අන්තවාදී මතවාද ප්‍රචලිත කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය නෛතික පියවර ගැනීම.
10.වකුප් පනත සංශෝධනය කිරිම සහ අන්තවාදී පල්ලි පිහිටුවීම මෙන්ම සහ අන්තවාදී මවිලවිවරුන් පුහුණු කිරීම අත්හිටුවීම.
11.විදේශීය ඉස්ලාම් අන්තවාදී සංවිධානවලින් ශ්‍රී ලංකාවේ අන්තවාදි සන්විධානවලට මුදල් ලබාදීම සහ පිරිස් සැපයීම පාලනය කිරීම සඳහා ක්‍රමවත් විශේෂ ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීම.
12ග පුද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස එක් ජනවර්ගයකට හෝ ආගමකට පමණක් ප්‍රතිලාභ හිමිවන රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කිරිම.
13.මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයේ සහ මුස්ලිම් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සේවක මණ්ඩලය වාර්ගික මිශ්‍රණයක් සහිතව පත්කිරීම.
14.ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය කිරීමේ බලතල අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පැවරීම සහ අරාබි පාසල් හෝ වෙනත් නම්වලින් පවත්වාගෙන යන ඉස්ලාම් ආගමික පාසල් වල විෂය මාලා පොදු අනුමතියට යටත් කිරීම මෙන්ම ශරියා විශ්ව විද්‍යාලය අහෝසි කොට රජයට පවරා ගැනීම
15.එක ජනවර්ගවක් හෝ ආගමික කණ්ඩායමක් අරමුණු කරගෙන රාජ්‍ය නොවන සංවිධාන හෝ දේශපාලන පක්‍ෂ ලියාපදිංචි කිරීම අත්හිටුවීම.
16.නව ආගමික මධ්‍යස්ථාන පිහිටුවීමේදී සහ ඒ සඳහා මූලික අනුමැතිය ලබාදීමේදී ජන ගණත්වයට අනුව අදාළ ජන කණ්ඩායමේ ප්‍රතිශතය නිර්ණායකයක් ලෙස යොදා ගැනීම.
17.හලාල් සහතික ලබාදීමේ ක්‍රියාවලිය ප්‍රමිති කාර්යාංශයේ අධික්ෂණයට යටත් කළ යුතු අතර ඒ පිළිබඳව කරනු ලබන මූල්‍ය ගනුදෙනු රජයේ විගණනයට යටත් කළ යුතුය. එසේම හළාල් සහතික අනිවාර්ය කිීරීමට හෝ එම සහතිකය යොදා ගැනීම සඳහා බලපෑම් කිරීමට ඉඩ ලබානොදිම.
18.ආගමික අන්තවාදී ක්‍රියාකාරකම් සහ ප්‍රචාර පිළිබඳ සොයා බැලීම සහ ඊට අදාල මහජන පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ පොලිස් සහ හමුදා ඒකාබද්ධ යාන්ත්‍රණයක් පිහිටුවීම සහ උණුසුම් දුරකතන අංකයක් හදුන්වාදීම.
19.පාස්කු ප්‍රහාය පිළිබඳ ජනාධිපති කොමිසම මගින් තහනම් කළ යුතු බවට නිර්දේශ කළ ඉස්ලාම් අන්තවාදී සංවිධාන සහ ඒවාට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සහ නිර්දේශිත ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම.
20.එක් රටක් එක් නීතියක් මූලධර්මය යටතේ පොදු සමාජ පිළිගැනීම්වලට පටහැනි සහ පොදු මිනිස් අයිතිවාසිකම්වලට පටහැනි වන පුද්ගල නීති සංශෝධනය කිරීම සහ නව ව්‍යවස්ථාව තුළ ඒ සඳහා ප්‍රතිපාදන පැනවීම.
21.පසුගිය වසර 10ක කාලය තුළ රටේ ඉඩම් අයිතියට අදාල ලියාපදිංචි කිරීම් පිළිබඳ ජාතික විගනණනයක් සිදුකිරීම සහ අන්තවාදී සංවිධාන සහ ඊට අනුබද්ධ පුද්ගලයින් විසින් කරන ලද ඉඩම් අත්පත්කර ගැනීම් පිළිබඳ සොයා බැලීම.
22.ඉස්ලාම් අන්තවාදයට පහසුකම් සැළසීම පිළීබඳ චෝදනා එල්ල වී ඇති අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශවල පසුගිය වසර 10ක කාලය තුළ ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බලීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීම.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...