ප‍්‍රධාන පුවත්

එක්සත් රාජධානිය තුළ කොවිඩ් – 19 නව ඉන්දියානු ප්‍රභේදය ආසාදිතයින් 103 දෙනෙකු සොයා ගැනීමෙන් අනතුරුව ඉන්දියාවේ සිට එරටට පැමිණෙන පුද්ගලයින් සීමා කිරීම අරමුණු කරගනිමින් ඉන්දියාව සංචාරක “රතු ලැයිස්තුවට” ඇතුලත් කිරීමටත් එරට අගමැති බොරිස් ජොන්සන් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට සැළසුම් කර තිබූ ඉන්දීය සංචාරය අවලංගු කළ බව ඊයේ (19) දින නිවේදනය කිරීමටත් පියවර ගෙන ඇත.

මෙම සීමා කිරීමට අණුව පසුගිය දින 10 ඇතුළත ඉන්දියාවේ සිට ඇති ඕනෑම පුද්ගලයෙකු එක්සත් රාජධානියට පැමිණෙන්නේ නම් ඔහු හෝ ඇය එරට හෝටලයක දින 10ක කාළයක් නිරෝධායනය වීම අනිවාර්ය වන අතර එම රෙගුලාසිය කඩ කර අසුවුවහොත් පවුම් 10,000ක දඩයකට යටත් වේ.

එක්සත් රාජධානි, අයර්ලන්ත සහ බ්‍රිතාන්‍ය පුරවැසියන්ට මෙය අදාළ නොවේ.

කෝටි 130ක ජනගහණයක් ඇති ඉන්දියාවේ පසුගිය අප්‍රේල් 15 දින සිට දෛනිකව ආසාදිතයින් 200,000ක් වාර්තා වන අතර පෙරේදා (18) දින සිට මේ දක්වා 1,620 දෙනෙකු මරණයට පත්වී තිබේ.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.rt.com/uk/521503-india-arrivals-ban-covid-variant/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More