තම අසල්වැසි රටවලින් හෝ නියමිත ජාත්‍යන්තර අනුමැතියකින් තොරව හුදු ඇමරිකාවේ සහයෝගයෙන් පමණක් ෆුකුෂිමා න්‍යෂ්ඨික බළාගාරයේ විකිරණශීලී මූල ද්‍රව්‍යයන් සහිත අප ජලය පැසිෆික් සාගරයට මුදා හැරියහොත් මානව සම්පතට මෙන්ම මත්ස්‍යයන් ද ඇතුළු සාගර සම්පත් වලට වන අසීමිත හානි සඳහා වන සම්පූර්ණ වගකීම සහ වගවීම ජපානය බාරගත යුතු බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා වැන්ග් වෙන්බින් (Wang Wenbin) අද (20) දින ප්‍රකාශ කර සිටියේය.
මේ සඳහා වන වඩාත්ම සුදුසු සහ වඩාත්ම ආරක්ෂාකාරී විකල්ප 05ක් තිබියදී ඒ පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව හෝ තම අසල්වැසි රටවල් සමග එකඟතාවයකින් තොරව මෙම අප ජලය පැසිෆික් සයුරයට මුදා හරිණ බව ජපානය පසුගිය සතියේ නිවේදනය කළේ එය ජපානයට වඩාත්ම ලාභදායී ක්‍රමය වන නිසා නමුත් ඉන් මුලු මහත් ලෝකයේම සාගර පරිසරයට වන හානිය සහ මුලු මහත් ලෝකයේ මානව සංහතියේම සෞඛ්‍ය ආරක්ෂාවට වන හානිය මිළ කළ නොහැකි එකක් වනු ඇතැයි ඇය අනතුරු අඟවයි.
#Japan and the #US claim that the treated nuclear waster water from the #Fukushima nuclear power plant is in accordance with international safety standards and even drinkable, then why don't they keep the water for themselves? or maybe ship it to the US? pic.twitter.com/qsSwJbufjF
— Hua Chunying 华春莹 (@SpokespersonCHN) April 14, 2021
ජපානයේ මෙම ක්‍රියාවට එරෙහිව ජපානයේම පරිසරවේදීන්ගේ සහ ජපාන ධීවරයින්ගෙන් ද දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින අතර “ග්‍රීන් පීස් සංවිධානය” ද අනතුරු අඟවමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම අප ජලයේ විකිරණශීලී කාබන් 14 සහ ට්‍රයිටියම් ඉතා අනතුරුදායක මට්ටමෙන් අන්තර්ගතව ඇති බැවින් එය මානවයාගේ ජාන පද්ධතීන්ට ඉතා හානිකර බවයි.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/news/521565-china-japan-nuclear-waste-fukushima/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...