ලබන වසරේ ජනාධිපතිවරයාගේ වියදම් 50% කින් ඉහළගොස් තිබේ. ඊයේ (09)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2018 විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 9.9 ක් ඉක්මවා ඇත. 2017 වසරේ එම ප‍්‍රමාණය රුපියල් බිලියන 6.4කි. මේ අතර ලබන වසරේ අගමැතිගේ වියදම 29 % කින් ඉහළගොස් ඇත.
වැඩ බලන මුදල් ඇමති එරාන් වික‍්‍රමරත්න 2018 විසර්ජන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එයට අනුව ලබන වසරේ ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 3982ක් වන අතර වියදම රුපියල් බිලියන 2175 ක් පමණි. ඒ අනුව මෙවර අය වැය හිගය රුපියල් බිලියන 1807ක් වී තිබේ. 2017 වසර හා සසදන විට රජයේ වියදම රුපියල් බිලියන 2162 කින් වැඩිවී ඇත. මෙවරද වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශය සදහාය. එම මුදල රුපියල් කෝටි 29071 වන අතර ඊලගට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සදහා රුපියල් කෝටි 2257කි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...