ප‍්‍රධාන පුවත්

බයිඩ්න් පාළනය පසුගිය වකවානුවේ රුසියාවට එරෙහි සම්බාධක පණවමින් විවිධ කෙනෙහිලිකම් කරමින් ගෙනගිය වැඩ පිළිවෙල නිසා දිගින් දිගටම දුර්වල වූ රුසියානු – ඇමරිකානු ද්වි පාර්ශවීය සබඳතා තවදුරටත් පිරිහෙන බව පෙනීයයි.

මේ වනවිට රුසියාව තම ඇමරිකානු තානාපතිවරයා නැවත තම රටට කැඳවා ඇති අතර ඔහු නැවත ඇමරිකාවට යැවීම පිළිබඳ මොස්කව් පාළනය තීන්දුවක් ගෙන නොමැත.

මේ අතර පුටින් ජනාධිපතිවරයා තම විදේශ කටයුතු උපදේශකයෙකු වන යුරී උෂකොව් (‍Yury Ushakov – 1998 සිට 2008 දක්වා ඇමරිකාවේ සිටි රුසියානු තානාපති) හරහා රුසියාවේ ඇමරිකානු තානාපති ජෝන් සලිවන් (John Sullivan) හට ඇමරිකාවට ගොස් බයිඩ්න් පාළනය සමග දෙරට අතර ද්විපාර්ශවීය සබඳතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරණ ලෙස නිර්දේශ කර ඇති බව රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් (Sergey Lavrov) පවසයි.

සලිවන් 2019 වසරේදී ට්‍රම්ප් පාළන සමයේදී රුසියාවේ ඇමරිකානු තානාපති ලෙස පත් කර ඇති අතර බයිඩ්න් පාළනය ඔහුට දන්වා ඇත්තේ තණතුරෙහි දිගටම කටයුතු කරණ ලෙසයි.

ඔහු පිටුවහල් කළහොත් මිස ඇමරිකාවට යෑමට අදහසක් නොමැති බව මීට පෙර ප්‍රකාශ කර තිබූ බව වාර්තා වුවද මෙම නිර්දේශයෙන් පසු මෙම සතියේදී ඔහු ඇමරිකාව බලා යෑමට තීරණය කරමින් පවසා ඇත්තේ තමා ඇමරිකාවට ගොස් බයිඩ්න් පාළනය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම වැදගත් මෙන්ම තම පවුලේ උදවියගෙන් අවුරුද්දකට අධික කාළයක් ඈත්ව සිටි තමාට ඔවුන්ව දැකගැනීමට අවස්ථාවක් ලැබීම ද වැදගත් වන බවයි.

බයිඩ්න් සහ පුටින් අතර යහපත් සෘජු සාකච්ඡාවකට පෙර තමා නැවතත් ඉක්මනින්ම රුසියාවට පැමිණෙන බවද සලිවන් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වුවද රුසියාවේ ආර්ථිකය ඉලක්ක කරමින් පණවන සම්බාධක සහ පුටින්ට සහ රුසියාවට එරෙහිව එල්ල කරණ පදනම් විරහිත චෝදනා වලට එකට එක කිරීමක් ලෙස රුසියාව විසින් ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් 10 දෙනෙකු පිටුවහල් කිරීමටත් ඉහළ මට්ටමේ තවත් නිළධාරීන් කිහිප දෙනෙකුට රුසියාවට පැමිණීමේ තහංචි පැනවීමටත් රුසියාව විසින් පසුගිය සතියේදී පියවර ගෙන තිබුණි.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.rt.com/russia/521595-sullivan-returns-washington-kremlin-confrontation/

පුටින් ඝාතකයෙකු යැයි පසුගිය මාසයේදී බයිඩ්න් කළ ප්‍රකාශයට පුටින් දුන් පිළිතුර පහත වීඩියෝවෙන් නරඹන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More