රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට කටයුතු කරණ ඕනෑම අයෙකුට මින් පෙර කිසිදිනක පසුතැවීමට නොවූ ආකාරයේ පසුතැවීමකට ලක්වීමට සිදුවනු ඇති බව; රුසියානු ජනාධිපති පුටින් ඊයේ (21) දින සිය වාර්ෂික දේශනය පවත්වමින් එරට දේශපාළන අධිකාරීයේ සහ පරිපාළන අධිකාරියේ නිළධාරීන් අමතමින් අවධාරණය කර සිටියේය.
සබඳතාවයන් බිඳවැටී ඇති රාජ්‍යයන් ද ඇතුළුව ලෝකයේ සියලු ජාතීන් සමග යහපත් සබඳතාවයන් ගොඩනගාගැනීම රුසියාවේ අභිප්‍රාය වුවද සමහර රටවල් කිසිදු සාධාරණ හේතුවකින් තොරව රුසියාව ඉලක්ක කරගැනීම පිළිබඳව කණගාටු වන බව ඔහු සඳහන් කළේය.
මෙම යහපත් ආකල්පයන් රුසියාවේ උදාසීන බවක් ලෙස හෝ දුර්වලකමක් ලෙස දකිමින් රුසියාව බිඳහෙලීමට උත්සාහ දරන්නේ නම් ඔවුනට ලැබෙන ප්‍රතිචාරය ඉතා දරදඬු, වේගවත් මෙන්ම නොපිළිගතහැකි එකක් වනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.
රුසියාවට එරෙහි සතුරු සහ නොහික්මුණු ක්‍රියාවන් ඉදිරියේ රුසියාව මධ්‍යස්ථ ලෙස කටයුතු කළ ද රුසියාවේ මූළික ආරක්ෂණ අභිමතාර්තයනට එරෙහි වන ප්‍රකෝප කිරීම් සංවිධානය කරන්නන්ට කිසිදා නොවිඳි පසුතැවීම් වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඔහු ප්‍රකාශ කර සිටියේය.
සමහර රටවල් රුසියාව ඉලක්ක කරගැනීම තරඟයට මෙන් කිරීමට පටන් ගෙන ඇති බවත් මෙය නව ක්‍රීඩා ඉසව්වක් ලෙස පෙනෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
පසුගිය සති කිහිපය තුළ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවට එරෙහි පිළිවෙතකට ගමන් කරණ ආකාරයක් දැකගත හැකි වූ අතර චෙක් ජනරජය රුසියානුවන් 18 දෙනෙකු නෙරපා හැරීමට පිළිතුරු ලෙස චෙක් ජනරජයේ රාජ්‍යතාන්ත්‍රිකයින් 20 දෙනෙකු පිටුවහල් කිරීමට රුසියාව පියවර ගත්තේය.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/russia/521688-putin-federal-assembly-speech-retaliation-measures/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...