පුරවැසි කොලම

69 ලක්ෂයක ජනවරමින් වත්මන් රජය පත් වන විටත් ශ්‍රී ලංකා ලංකාවේ අපොස උසස් පෙළ අසමත් වෛද්‍යවරුන් දහසක් පමණ සිටින බව අප විසින් පෙන්වා දුන් අතර ඒ සම්බන්ධව අල්ලස් කොමිසමට ද පැමිණිලි කරණු ලැබීය.

එසේම උසස් පෙළ අසමත් මුස්ලිම් සිසුන් 16 දෙනෙකුට වෛද්‍ය පත්වීම් පිරිනැමීමට එවක සිටි වෛද්‍ය සභාව තීන්දු නොකිරීම නිසා ඔවුන් අධිකරණය හරහා එම පත්වීම් ස්ථිර කර ගත් බවත් එය ගරු විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කරන ලද බවත් මේ වන විට රටම දන්නා කාරණයකි.

එවන් පසුබිමක බහුතර මුස්ලිම් සිසුන් පිරිසක් උසස් පෙළ අසමත් ව සාමාන්‍ය පෙළ විෂය ධාරාව පමණක් හැදෑරීමෙන් අනතුරුව මෙරට විශ්වවිද්‍යාලයකට යා නොහැකි වුවද විදේශයන්හි පිහිටි වෛද්‍ය පීඨ වෙත වංචාකාරී අයුරින් ඇතුළත්වීමට කටයුතු කරද්දී අදාල බලධාරීන් නිහඬව සිටීම දැඩි ප්‍රශ්නගත කරුණකි.

ඒ අනුව එම කටයුතු සිදුවිම වැලැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හා වෛද්‍ය සභාවේ ගත් ඇතැම් තීන්දු සම්බන්ධයෙන් මීට පෙර සිටින ලද ඇතැම් වෛද්‍ය සභාවේ සභාපතිවරුන් වෙත චෝදනා එල්ල වූ අතර ,වෛද්‍යය සභාවේ හිටපු සභාපතිවරයාට ද එම කරුණු වැළැක්වීම අපොහොසත් වීම හේතුවෙන් එතුමිය විසින් පත් කළ කමිටුවක් විසින් දෙන ලද තීරණයක් අනුව වත්මන් සෞඛ්‍ය අමාත්‍ය තුමිය විසින් ඔහු එම තනතුරෙන් ඉවත් කරන ලදී.

ඒ අනුව නව සභාපතිවරයෙකු හා සාමාජිකයන් සෞඛ්‍ය අමාත්‍ය තුමිය විසින් පත් කළ අතර එසේ පත්කරන ලද්දේ විදෙස් වෛද්‍ය උපාධිය හැදෑරූ දරුවන් සිටින ආචාර්ය මහාචාර්යවරුන් වීම හේතුවෙන් අපි ඒ සම්බන්ධයෙන් ද විරුද්ධත්වය ප්‍රකාශ කළෙමු.

ඒ අනුව අපට මේ වන විට පැහැදිළි ව ඇත්තේ අමාත්‍යතුමිය විසින් පත්කරන ලද වත්මන් සභාපතිවරයා ඇතුළු නව වෛද්‍ය සභාවේ සාමාජිකයන් ද මීට පෙර සිටි සාමාජිකයන්ටත් වඩා අවිධිමත් ලෙස වෛද්‍ය සභාවේ ඇතැම් තීන්දු තීරණ ගන්නා බවයි.

ඒ අනුව වත්මන් වෛද්‍ය සභාව විසින් මීට පෙර තහනම් කරන ලද බෙලෝරුසියාවේ පිහිටි වෛද්‍ය පීඨ කිහිපයක් එනම් “Vitebsk” ඇතුළු වෛද්‍ය පීඨ කිහිපයක් වෙත නැවතත් මෙරට වෛද්‍ය සිසුන් ඇතුළත් කිරීමේ බලය ලබාදී ඇත.

විමතියට කරුණ වන්නේ වෛද්‍ය සභාවේ මෙම තීන්දු තීරණ ගන්නා ලද්දේ කුමන පදනමකින්ද යන්න පැහැදිලි නොවීමයි. එනම් උසස් පෙළ අසමත් හෝ උසස් පෙළට පෙනී නොසිටි සහ යන්තමින් සාමාන්‍ය පෙළ සමත් සිසුන් මෙරට හෝ විදේශයකදී pre medicine පාඨමාලාවක් හදාරා ඉන් අනතුරුව බෙලෝරුසියාවේ පිහිටි අදාළ වෛද්‍ය පීඨයන් වෙත නැවතත් යොමු කරවීමය.

pre medicine පාඨමාලා හැදෑරූ අයවලුන් ලංකාවේ වෛද්‍යවරුන් වශයෙන් පිළිගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට හැකියාවක් ඇත්තේ ද ?

රුසියාවේ ඇතැම් වෛද්‍ය පීඨ මීට පෙර පැවැති ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවන් විසින් තහනම් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ අපොස සාමාන්‍ය පෙළ විභාගය පමණක් සමත් සිසුන් වෛද්‍යයවරුන් ලෙස පුහුණු කරන බව තහවුරු වූ බැවිනි. නමුත් ඇතැම් ජාවාරම්කරුවන් රුසියානු තොරතුරු කේන්ද්‍රය හා සමගින් එක්ව රුසියානු බිල්ලෙක් මවා පාමින් නැවතත් එම වෛද්‍ය පීඨ පිළිගැනීම සිදුකරවීමට වත්මන් සෞඛ්‍ය අමාත්‍යතුමියගේ උපදෙස් මත කටයුතු කළ බව රහසක් නොවේ.

ඒ අනුව වෛද්‍ය සභාව විසින් pre medicine පාඨමාලා නොපිළිගන්නා බව පැහැදිලිව දන්නා පසුබිමක මෙවන් දෙයක් සිදු වුයේ කෙසේද?

ඉතා දැඩි බලපෑම් මාධ්‍යයේ වත්මන් රජය විසින් වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම ප්‍රමිතිය නීතියක් බවට පත් කළ ඇතත් එහි පවත්නා ඇතැම් අඩුපාඩු හේතුවෙන් ජාවාරම්කරුවන් මෙයින් ප්‍රයෝජනයට ගන්නා බව හා එයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින ඇතැම් අන්තවාදී පාර්ශව සහයෝගය දක්වන බව මොනවට පැහැදිලිවේ.

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සම්බන්ධ ලිපි ලේඛන 500 ක් පමණ මීට පෙර අස්ථානගත වූ අතර එයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින ඇතැම් අන්තවාදී ජාවාරම්කාර කණ්ඩායම් ද සහයෝගය දක්වන ලද බව සහ එයට එම අමාත්‍යාංශයේ සිටින අන්තවාදී නීතිඥවරිය සම්බන්ධ වූ බවට බරපතළ සැකයක් මතුවීම වැලැක්විය නොහැක.

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතියක් වශයෙන් සම්මත වීමට නම් එය ගැසට් පත්‍රයක් මගින් නැවත පළ කළ යුතුව තිබුණත් එසේ නොකරන්නේ අන්තවාදීන්ගේ හෝ ජාවාරම්කරුවන්ගේ උවමනාව නිසා බව හොඳින්ම තහවුරු වේ.

නීතියේ ඇති මෙවැනි හිඩැස් ජාවාරම්කරුවන් සහ අන්තවාදීන් විසින් ප්‍රයෝජනයට ගණු ලබති. උසස් පෙළ අසමතුන්ට පසුගිය කාලයේ උසාවිය මගින් වෛද්‍ය උපාධිය ලබා දෙන තැනට කරුණු පෙළ ගැසුණේ එම නීති වල ඇති හිදැස් වලින් රිංගා යාමට අවස්ථාව උදාකර තිබූ බැවිණි.

උසස් පෙළ අසමතුන්ට නීතිය මාර්ගයෙන් වෛද්‍ය උපාධිය ලැබුණත් ඔවුන්ගෙන් ප්‍රතිකාර ලබාගන්නා මෙරට රෝගීන්ට ඔවුන් අතින් සිදු වන යම් වරදක දී සිදු වන මූලික අයිතිවාසිකම් කඩවීම් වලට වග කියන්නේ කවුද ? එසේ මියයන හෝ වැරදි ප්‍රතිකාරවලින් අසරණ වන රෝගීන්ගේ ජීවිතවලට වගකියන්නේ කවුද? ඒ අනුව අසරණ රෝගීන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමට නීතීයේම පිහිට ලබා දී ඇතැයි පැවසීම අතිශයෝක්තියක් නොවන බව අපගේ හැඟීමයි.

මෙහි ඇති අනෙක් බරපතල කාරණය නම් අන්තවාදී පදනමෙන් පැමිණෙන අයවලුන් මේ රටේ වෛද්‍ය ක්ෂේත්‍රය ආක්‍රමණය කිරීමෙන් පසුව ශල්‍යාගාරයක තිබෙන ICU ඇඳක් හෝ ජාතිවාදී පදනමෙන් තොරව රෝගියෙකුට ලබා ගත හැකිද යන කාරණයයි.

එසේ පැමිණෙන අයවලුන් මෙරට විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ වල ඉගැන්වීම් කටයුතු කරද්දී ජාතිවාදී පදනමෙන් කටයුතු නොකර සිටිනු ඇතැයි සහතික දිය හැක්කේ කාටද?

එසේම එම අයවලුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන ක්ෂේත්‍රයට ඇතුලත් වුවහොත් වර්තමානයේ වෛද්‍ය අධ්‍යාපනය අවම ප්‍රමිතිය සම්බන්ධ ගැසට් පත්‍රය පළ පළ කිරීමට හැකියාවක් නැති සෞඛ්‍ය අමාත්‍යාංශයට කුමකින් කුමක් සිදු වේවිද? මේ ක්‍රියාත්මක වන්නේ “අල් ටකියාව” ද නැතහොත් කාගේ අන්තවාදී උවමනාවක් ද? මේ සිදුවන්නේ රාජ්‍ය යාන්ත්‍රණය ආක්‍රමණය කිරීමේ පසුබිම නොවේ යැයි කිව හැක්කේ කාටද?

වරෙක මෙරට පිහිටි තුර්කි තානාපති තුමිය පවසන ලද්දේ තුර්කියේ පෙට්ටෝ ත්‍රස්තවාදීන් විසින් මෙරට අධ්‍යාපනයට හා මාධ්‍යයට මුදල් ලබා දෙනු ලබන බවයි. එසේ නම් මේ සිදු වන්නේ පෙට්ටො ත්‍රස්තයන්ගේ අරමුදල් ක්‍රියාවට නැංවීමක්ද යන සාධාරණ පැනය අප තුළ පැණ නගී.

මේ වරද නිවැරදි කිරීම සඳහා කඩිනමින් අදාළ වෛද්‍ය අධ්‍යාපනය අවම ප්‍රමිතිය ගැසට් පත්‍රයක් මඟින් පළ කිරීමටත් උසස් පෙළ අසමතුන් බඳවාගන්නා ලෝකේ කුමන තැනක හෝ වෛද්‍ය පීඨයක් මෙරට වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීම අනුමත නොකරන ලෙසත් අපි බලධාරීන් හට අවධාරණය කරමු.

අවසාන වශයෙන් වෛද්‍ය සභාවේ ගරු සමාජික මහතුන්ගෙන් අපි විඅමසා සිටින්නේ,” ඔබ මිනීමැරීමට ලයිසන් දෙන්නේ කුමන සිතකින් ද?” යනුවෙනි.

වසන්ත අල්විස් කැඳවුම්කරු
මහජන යුතුකම් කේන්ද්‍රය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More