පකිස්ථානයේ චීන තානාපතිවරයා ඉලක්ක කරගෙන එල්ල වූ බවට සැක කරන එරට ක්වේටා නගරයේ සූඛෝපභෝගී හෝටලයක රථගාලේදී සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගයින් 04 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
කෙසේ වෙතත් ප්‍රහාරය සිදුවන අවස්ථාව වනවිට පකිස්ථානයේ චීන තනාපතිවරයා ඇතුළු දූත පිරිස හෝටලයේ රැඳී සිට නොමැති අතර ඔවුන් ඒ අවස්ථාවේදී රැස්වීමක් සඳහා පිටත්ව ගොස් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මෙය ත්‍රස්ථ ක්‍රියාවක් බව එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
මෙතෙක් කිසිදු කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැති අතර ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...