කොවිඩ් – 19 වසංගතය හමුවේ යුරෝපා සංගමය ඇතුළු සමස්ථ බටහිර ලෝකයම ඉතා අවදානම් මෙන්ම බැරෑරුම් අභියෝගයකට මුහුණදී ඇති මේ අවස්ථාවේ එයට සාර්ථකව මුහුණ දීමේ ඔවුන්ගේ නොහැකියාවට ප්‍රධාන හේතුව වන්නේ ඒ සඳහා අවැසි ඉදිරි දැක්මක් ඇති, ශක්තිමත්, ප්‍රබළ නායකයින් බටහිර ලෝකයේ බොහෝ රටවලට නොමැති වීම බව රුසියානු විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශිකා මරියා සකරෝවා මහත්මිය ප්‍රකාශ කරයි.
විවිධ වසංගතයන්ට මින් පෙර ද ලෝකය මුහුණදී ඇති වුවද එය කළමනාකරණය කර ගැනීමේ නොහැකියාවකට බටහිර ලෝකය වර්තමානයේදී මුහුණ දී තිබෙන්නේ ඒ සඳහා සුදුසු නායකත්වයන් බොහෝ බටහිර රටවලට නොමැතිවීම නිසා බවත් ජනතා සුභසිද්ධිය සඳහා සංවේදී වනවා වෙනුවට සෑම දෙයක්ම දේශපාළන කෝණයකින් බලා දේශපාළනීකරණයට ලක් කිරීම මෙයට හේතුව බවත් ඇය වැඩිදුරටත් පවසයි.
ජර්මනිය, ප්‍රංශය ඇතුලු යුරෝපා සංගමය සිය ආර්ථික ප්‍රතිපත්ති, සමාජ ප්‍රතිපත්ති වලදී පමණක් නොව එන්නත් නිෂ්පාදනය යන සියළුම කාරණා වලදී තමනට ආවේනික යහ ප්‍රතිපත්තීන් වෙනුවට ඇමරිකානු ගැති ප්‍රතිපත්තීන්ට ප්‍රමුඛත්වය දීමෙන් සහ ඒ අනුව දේශපාළන තීන්දු ගැනීමෙන් බවත් ඇය තවදුරටත් පවසා සිටියාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...