කොවිඩ් – 19 වසංගතය චීනයේ වූහාන් නගරයෙන් පැතිරෙන්නේ යැයි 2019 වසරේ දෙසැම්බර් 31 දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිළ වශයෙන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇමරිකානු සහ බටහිර පාළකයින්, බළධාරීන් පමණක් නොව ඇමරිකානු සහ බටහිර මාධ්‍ය විසින් ද චීනයට එරෙහිව දරුණු ප්‍රහාරයන් එල්ල කළ අතර චීනයේ ද ඒ වනවිට කොවිඩ් -19 වසංගතය දැඩි ලෙස පැතිරෙමින් පැවතුනි.
එම අර්බුධකාරී අවස්ථාවේ චීනය තම ස්ථානෝචිත ප්‍රඥාවෙන් එයට මුහුණ දුන් ආකාරය නිරීක්ෂණය වූ අතර තම ජනතාව අතීතයේ සිට භාවිතා කරණ ලද සෞඛ්‍ය පුරුදු අනුගමණය කිරීම මෙන්ම තම දේශයට ආවේනික දේශීය ඖෂධ වර්ගයන්ට වඩ වඩාත් නැඹුරු කරන තත්වයක් ද විද්‍යාමාන විය.
ඉන් නොනැවතුණු ඔවුන් කොවිඩ් -19 වෛරසය සඳහා සයිනොෆාර්ම් ඇතුළු තම දේශීය එන්නත් කිහිපයක්ම නිපදවා ගැනීමට පියවර ගත්තේය.
ඉන් වසර 1 1/2කට ආසන්න වන වත්මන වනවිට ලෝකයේ බොහෝ රටවල් බළවත් ආර්ථික අර්බුදයන්ට මුහුණ දෙමින් සිටින අතර චීනයේ බෙයිජින් නුවර විදේශ වෙළඳාම 2021 වසරේ පළමු කාර්තුව තුළ 2020 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 8.75%කින් වර්ධනය වී ඇති බව වාර්තාවෙයි.
එහි සම්පූර්ණ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 104.45කි.
නගරයේ ආනයනය පසුගිය කාර්තුවට සාපේක්ෂව 9%කින් වර්ධනය වී ඇති අතර අපණයනය 7.2%කින් ඉහළ ගොස් තිබේ. යපස් සහ තඹ වලට අමතරව කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය 86.1%කින් ඉහළගොස් තිබීම විශේෂත්වයකි.
ජංගම දුරකථන අපණයනය 92%කින් වර්ධනය වී ඇති අතර අමතර කොටස් අපණයනය ද දැඩි ලෙස වර්ධනය වී ඇති බව වාර්තාවේ.
චීනයේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් පස්දෙනා වන්නේ ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, ආසියාන් සංවිධානය, ඔස්ට්‍රේලියාව සහ සෞදි අරාබියයි.
තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/business/522126-china-foreign-trade-growth/
මේ අතර 2021 පළමු කාර්තුව තුළ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 2020 පළමු කාර්තුවට සාපේක්ෂව 18.3%ක වර්ධනයක් අත්පත් කරගෙන ඇතත් එය 2020 අවසාන කාර්තුවට සාපේක්ෂව 0.6%ක පහළයැමක් පෙන්නුම් කර ඇති බව ද වාර්තාවේ.
තොරතුරු පහත ලින්ක් එකෙන්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...